
“අම්මට සිරි! මෙදා පාර නම් තෙල් මන්ද බහී වගේ!”
අපේ නිමලෙ ටීවී පෙට්ටිය දිහා බලාගන කියනවා....
මාත් එබිලා බැලුවා. දෙයිහාදුරුවනේ!
එතුමා බයිසිකල් කට්ටක නැගලා... පුතත් බයිසිකලේ... රත්තරනුත් බයිසිකලේ... තවත් කට්ටිය...
“කොහෙද මේ ඇත්තො යන්නෙ?”
මං ඇහුවා...
“ඇයි? පොට්ට වෙලාද? පේන්නැද්ද? පාර්ලිමේන්තුව?
උඹලගෙ ආංඩුවෙං තෙල් ටිකක්වත් දෙනවද උනැහෙලට යන්ඩ...?”
අපේ මායියා කඩං පැන්නා...
මායි නිමලෙයි අබිලිංගෙ කඩේට විසි වුණා...
කඩේ හැමෝම බයිසිකල් ගමන ගැන කතාව...
බලමු මොනවද කියන්නෙ කියලා...
“මැඩම්ට තරහ ගෙහුං පැජරෝවෙ යතුරු හංගලා... උන්නැහේ තරහට ගෙදර ඉඳං බයිසිකලේ ඇවිත්.”
“හැත්තෑව පැන්නත් මං රජ කුමාරයෙක් නෙමේ ගමේ කොල්ලෙක් කියන්න හිතිලා.”
“දේපළ අවබාවිතේ වරදට වාහන බාර දෙන්ඩ වුණොත් පුස්සයිකලේ යන්ඩ පුරුදු වෙනවා.”
“තොපේ වාහන තොපිම ගනියව්. මට මේක හොඳා...”
“පඩි දෙකක් ගත්තත් අද ජීවිතේ අමාරුයි .අනේ මට තව කීයක් හරි දෙන්ඩ.”
“කාන්තාවියො මට කැමතියි. උන්දලගෙං තමයි ජාම බේරුණේ...මෙහෙම යනෝ දැක්කම අඩේඅප්පඩා කියලා කවද හරි ඡන්දයක් ආපු දවසක උන්දලා මටමයි දෙන්නේ.”
“ඔය කියන විදියට හොරකං කෙරුව නං අපි මෙහෙම යනවද?”
අහගෙන ඉන්ඩ බැරිම තැන නිමලෙයි මායි සැල්ටෙංගෙ බාර්රෙකට ගියා...
එතන තමයි හොඳම කතා යන්නෙ!