
දිවංගත හිටපු අමාත්‍ය මහානාම සමරවීර මහතාගේ ජන්ම ශත සංවත්සර උළෙල පසුගිය දා කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහභාගීත්වයෙන් මාතර දී පැවැත්විණි. අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ආදරණීය පියාණන් වූ මහනාම සමරවීර මහතා විසින් මෙරට ජනතාව වෙත ඉටු කළ ඉමහත් සේවය එහි දී ඇගැයීමට ලක් කෙරිණි.
ප්‍රධාන දෙසුම පවත්වන ලද්දේ දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එච්.ජී. සිරිසේන මහතා විසිනි. මහනාම සමරවීර මහතා සමග දේශපාලන කටයුතුවල නිරතව සිටි පිරිස ඇගයීමට ලක්කරමින් කථානායක කරු ජයසූරිය මහතා අතින් සමරු තිළිණ ප්‍රදානය කෙරිණි. උත්සවය මාතර නූපේ මංසන්ධියේ පිහිටි පැරැණි ඕලන්ද වෙළෙඳ සංකීර්ණයේ දී පැවැත්විණි.