
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම කාර්යසාධන දර්ශකයක් පෙන්වා ඇත්තේ නගරයෙන් පිට ග්‍රාමීය පාසල් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 2017 ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලට අනුව විභාග දෙපාර්තමේන්තුව විසින් කරන ලද විභාග විශ්ලේෂණයෙන් ඉහළම කාර්යදර්ශකයන් පෙන්වා ඇත්තේ අඹන්පොළ නික/ ශ්‍රීමත් හෙන්රි ඕල්කොට් ආදර්ශ ප්‍රාථමික විදුහලයි.
දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ඇහැටුවැව නික/ ඒරියාව කනිටු විදුහලයි. කුලියාපිටිය විශාකා බාලිකා විදුහල සහ නික/ ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විදුහල තුන්වැනි තැනට පත්ව තිබේ. මෙහි දෙවැනි ස්ථානයට පත් ඇහැටුවැව නික/ ඒරියාව කනිෂ්ඨ විද්‍යාලය පසුගිය වසරේද ශිෂ්‍යත්ව කාර්යසාධක දර්ශකයෙන් ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර, ඉතා දුෂ්කර ග්‍රාමීය පාසලක්ද වෙයි.