මොරගහකන්දේ ජලයෙන් ගිරිතලේ වැවූ වී කිලෝවකට රුපියල් 60 ක වාර්තාගත මිලක් | සිළුමිණ

මොරගහකන්දේ ජලයෙන් ගිරිතලේ වැවූ වී කිලෝවකට රුපියල් 60 ක වාර්තාගත මිලක්

නිහාල් පී. අබේසිංහ
පොලොන්නරුවේ එම්.පී. සරත්

මොරගහකන්ද නව ජලාශයේ ජලයෙන් අස්වැද්දූ ගිරිතලේ කුඹුරුවල යල කන්නයේ වී අස්වැන්න කුඹුරටම ඇවිත් වී කිලෝවක් රුපියල් 60 - 58 ගණනේ මිලදී ගන්නා බව ගිරිතලේ ගොවි සංවිධානයේ සභාපති එම්. වීරවංශ මහතා පවසයි.

ගිරිතලේ වැව නියඟය නිසා සිඳී යමින් තිබියදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත ගිරිතලේ ගොවි ජනතාවට මොරගහකන්ද ජලාශයේ අලුත් දියවර ලබාදීම සිදු කළ බවත්, වියළෙමින් තිබුණු ගොයම් ටික යළි ප්‍රාණවත් වී සරු වූයේ මොරගහකන්දේ මංගල දියවර ගිරිතලේට ලැබුණු නිසා බවත් වීරවංශ මහතා පවසයි. ඒ පිළිබඳව ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වන බවද ඔහු කියයි.

මේ දවස්වල කමතට ම එන වී මුදලාලිලා කීරි සම්බා කිලෝ ග්රෑම් 1 කට රුපියල් 60 - 58 අතරේ මුදලක් ‍දෙනවා. නාඩුවලට 54 - 56 දක්වා මුදලක් දෙනවා. මේක අපේ ඉතිහාසයේ අපට ලැබුණු වැඩිම වී මිල. දැන් ඉතින් මේ පැත්තේ වී තිබෙනවා නම් සල්ලි තමයි. වීරවංශ මහතා කියයි.

මේ පිළිබඳව අපට අදහස් දැක්වූ ප්‍රගතිශීලී ගොවි ජන සම්මේලනයේ ලේකම් කවුඩුල්ලේ ගොවිනායක එම්.කේ. ජයතිස්ස මහතා පැවසුවේ ද මෙවර යල කන්නයේ වී මිලට වාර්තාගත ඉහළ මිලක් ලැබෙන බවයි. නියඟය නිසා වැව්වේ ටිකයි. ඒත් දැන් මිල නම් හොඳයි. අපිට සතුටුයි. ජයතිස්ස මහතා පැවසීය. පොලොන්නරුව ඒකාබද්ධ දිස්ත්‍රික් ගොවි සංවිධාන සභාපති එස්. විජේසූරිය මහතා ද පවසන්නේ මොරගහකන්දෙන් පොලොන්නරුවට ජලය දීපු නිසා වගා කළ කුඹුරුවල වී අස්වැන්නට දැන් මෙරට කෘෂි ඉතිහාසයේ වැඩිම මිල ලැබෙමින් ඇති බවයි. කීරි සම්බා 60 යි. නාඩු 56 යි ඔහු කීය. 

Comments