![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/09/29/sil-06-11-na-01-ndk09062017.jpg?itok=hyh0_54B)
‘යුද ජයග්‍රහණයේ වැඩි උරුමක්කාරයා මහින්ද මහත්තයා ද සරත් මහත්තයා ද කියන එක සදාකාලික ප්‍රශ්නයක්’
‘ගෝඨාභය මහත්තයා යුද්දෙට ආවේ තමන්ගේ තනි තීරණයකින් නෙමෙයි මහින්ද මහත්තයාගේ සහෝදරයා වීම නිසා පමණයි’
‘යුද ජයග්‍රහණයේ වැඩි උරුමය කාට ද කියන ප්‍රශ්නෙට කවුරුවත් අවංකව මුහුණ දෙන්නේ නැත්තේ ඒ හැම හදවතකම දේශප්‍රේමයට වඩා දේශපාලන පක්ෂපාතීත්වය වැඩි නිසා’
‘දේශප්‍රේමී යැයි කියන කිසිම මනුස්සයෙකුට කටක් ඇරලා සරත් මහත්තයාට දොස් කියන්න කිසිම අයිතියක් නෑ. මොකද සරත් මහත්තයා හිටියේ නැතිනම් ජයග්‍රහණය ගැන අද පුරසාරම් දොඩවන කිසිම කෙනෙකුට ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ’
‘ඒත් අද දේශප්‍රේමීී යැයි කියාගන්නා අය කොච්චර නම් සරත් මහත්තයාට දොස් කියනවද? ඒත් යුද ජයග්‍රහණයේ වැඩි උරුමක්කාරයා සරත් මහත්තයා ද
මහින්ද මහත්තයා ද කියන එක නොවිසඳුණු ප්‍රශ්නයක් නිසා අවංක දේශප්‍රේමියෙකුට නම් කටක් ඇරලා සරත් මහත්තයාට දොස් කියන්න හිතෙන්නේ
නෑ’‘
‘එතකොට මෙතන දේශප්‍රේමය කියන්නේ ඡන්ද දිනාගැනීම සඳහා සැරසෙන සළුවක් විතර ද? හදවතේ දේශප්‍රේමයක් නැද්ද? හදවතේ දේශප්‍රේමයක්
තියෙන කෙනෙකුගේ කට සරත් මහත්තයාට එරෙහිව නැගෙයිද’
‘යුද්ධයේ ඇත්තම වීරයා කවුද සරත් ද මහින්ද ද කියන එක නොවිසඳුණු ප්‍රශ්නයක්. ගෝඨාභය යුද්ධෙට මැදිහත්වුණේ තනි තීරණයකින් නෙමෙයි අයියා
නිසා පමණයි’
’මහා වීරයන්ට දවසක් හිරගේ ඉන්න තරම් හිතේ හයියක් තිබුණේ නෑ. ඒක අපායක් කිව්වා. ඒත් සරත් මහත්තයා නොසැලී නොහඬා ඒ අපායේ අවුරුදු
දෙකක්ම හිටියා’
’සරත් මහත්තයාට ඒ අපායේ අවුරුදු දෙකක් ඉන්න වුණේ හිතේ නැතිව කටේ විතරක් දේශප්‍රේමය තියෙන මිනිසුන් නිසා’
’යුද ජයග්‍රහණයේ සැබෑ වීරයා කවුද කියන ප්‍රශ්නය නොවිසඳී තියෙනකොට දේශප්‍රේමී යැයි කියාගත්ත ආණ්ඩුවකට සරත් මහත්තයා හිරේ දාන්න තරම් ශක්තියක් ලැබුණේ කොහොමද? එතන කිසිම දේශප්‍රේමයක් තියෙනවද? තියෙන්නේ නිර්වස්ත්‍ර දේශපාලනය විතරක් නේද?’
’මයික් එක ඉස්සරහදි මහා වීරයෝ වෙන අය හිරකූඩුවේ යකඩ කූරු ඉස්සරහා දිය වෙලා ගියා. කාලතුවක්කු ඉදිරියේත් වීරයෙක් වුණු සරත් මහත්තයා ඉස්සරහා හිර ගේ යකඩ කූරුත් බයවුණා. හිරකරන්න බැරි හිතක් තියෙන සරත් මහත්තයාට හිර කූඩුව හිර කූඩුවක් වුණේ නෑ’
’මං මේ සේරම කියන්නේ වීරයා කියන්නේ කවුද කියන එක තෝරාබේරාගන්න බැරි අයට ඒක තෝරලා දෙන්න’
’බොරු වීරයන්ව හඳුනගන්න උදව් වෙන්න’
’තමන් වීරයෝ කියලා හිතාගෙන ඉන්න අයට තමන් ඇත්තටම කවුද කියලා හිතාගන්න උදව්වෙන්න’
’මයික් එකක් ඉස්සරහ වීරයෙක් වෙන එක පහසු වැඩක්. එහෙම වීරයෝ නම් අපට ඕනෑතරම් ඉන්නවා’
’අපට වැඩිහරියක් ඉන්නේ ස්ටේජ් එකට වීරයන් විතරයි. ඒත් සරත් මහත්තයා යුද බිමේදීත් හිර කූඩුවේදීත් දේශපාලන වේදිකාවේදීත් වීරයෙක් ම වුණා’
නොවිසඳුණු හා නොවිසෙඳන ප්‍රශ්නයක් සමඟ මා සිහිනෙන් සටන් කරන බව මට වැටහුණේ සිහිනෙන්ද අවදියෙන් ද යන්න සම්බන්ධයෙන් මට නිච්චියක් නැත. එහෙත් මා සිහිනයෙන් සිතන්නට උත්සාහ කර ඇත්තේ බොහෝ අය අවදියෙන් සිටිය දී මගහරින්නට උත්සාහ කරන මාතෘකාවක් යැයි මට සිතිණි.