‘බූට්’ තියන්නේ පුරුද්දටම නොව කේන්දරයේ පාප ග්‍රහයෝ නිසාය | Page 3 | සිළුමිණ

‘බූට්’ තියන්නේ පුරුද්දටම නොව කේන්දරයේ පාප ග්‍රහයෝ නිසාය

ආදරයෙන් බැඳෙන්නෝ බොහෝය. එහෙත් ඒ සියලු දෙනාම විවාහයට පත් වන්නේ කලාතුරකිනි. ඇතැම් අය බෝහෝ ප්‍රේම සම්බන්දතා ඇති කරගෙන ආල ලීල පාමින් රෝමියෝ ජුලියට් මෙන් පණට පණ පුදා ආදරය කරන බව කීවත් අවසානයේදී අතුරුදන් වන්ානේ අවතාරයක් පරිද්දෙනි. එවැනි ස්ත්‍රීන් සහ පුරුෂයන් කේන්ද්‍රෙයන් හඳුනා ගත හැකිය.

පොරොන්දම් පරීක්ෂාවේ පවතින අඩුපාඩු, විවාහ දෝෂ, විවාහ ප්‍රමාද දෝෂ නිසි ලෙස හඳුනා නොගැනීම, එම දෝෂ සඳහා නිවැරදි ප්‍රථිකර්ම නොකිරීම ආදී කරුණු හේතුවෙන් විවාහය කල් පසුවන ,අසාර්ථක විවාහ ජීවිත ගත කරණ , විවාහය බිඳ වැටුණු පිරිස් ශ්‍රී ලංකාව තුළ බොහෝ වේ. සැබවින්ම නිසි ප්‍රතිකර්ම, නිසි පො‍රොන්දම් පරීක්ෂා නොමැතිකමින් අසාර්ථක ලෙස ජීවිත, ගත කරන මේ පිරිස සම්බන්ධයෙන්, වගකීම මා ඇතුළු ජ්‍යොතිෂවේදීන් බාරගත යුතුව තිබේ.

විසි පොරොන්දම පමණක් බලා තීරණ ගැනීමේ වරද තවමත් අප අත හැර නැත. විශේෂයෙන්ම නැකැත් පොරොන්දම නොගැලපේ නම් ඉදිරියට පරීක්ෂා නොකරන ජ්‍යොතිර්වේදීන්ද බොහෝ වෙති. සම්භාව්‍ය ග්‍රන්ථයන්හි සඳහන් නොවන පොරොන්දම්වලට මුල් තැන දෙමින්, ඒවායේ නැති සිද්ධාන්ත ගොඩනඟමින් තරුණ තරුණියන්ගේ විවාහවලට විරුද්ධ වෙති. සිදුවිය යුතු විවාහයට විරුද්ධව නොගැලපෙන විවාහවලට අනුමැතිය දෙති.

සිය බිරිඳ මරා දමා බන්ධනාගාර ගත වූ පුද්ගලයකුගේ කේන්ද්‍රයක් අපි අද අධ්‍යනය කරමු.

මේ සමඟ පලවන කේන්ද්‍ර හිමියා උගත් පුද්ගලයෙකි. යහපත් රැකියාවක ද නිරත විය. එහෙත් කේන්ද්‍රයේ පවතින අසතුටුදායක යෝග නිසා ඔහුගේ විවාහ ජීවිතය මෙන්ම ජීවිතය ද අසාර්ථක විය. අපි එම ‍ යෝග විමසා බලමු.

විවාහ පොරොන්දම් පරීක්ෂාවකට මේ කේන්ද්‍රය ඉදිරිපත් වූ විට ජ්‍යොතිෂවේදියා කේන්ද්‍රයේ පවතින බන්ධනාගාරගත වීමේ යෝග ස්ත්‍රී ‍ ශාප, විවාහය බිඳ වැටන යෝග, සමාජ සම්මතයන්ට පටහැනි යෝග හඳුනාගත යුතුවිය‍.

ලග්නය දෙපස සමාන ග්‍රහයන් ගණනක් තැන්පත් වීම, දැකීම බන්ධන යෝගයකි. පාප ග්‍රහයින් බන්ධන යෝගයට සම්බන්ධ වීම අශුභ ලෙස එක් තැන් වීමට එනම් සිරගත වීම, රෝහල් ගත වීම සඳහා ද, ශුභ ග්‍රහයන්ගෙන් ශුභ ‍ කටයුතු සඳහා එක ස්ථානයක රැඳී සිටීමට ද හේතු වේ.

මේ කේන්ද්‍රයේ ලග්නයෙන් 12 වැන්නේ ශනි තැන්පත්ව රාහු, කුජ, කේතු, ගුරු, ශුක්‍ර යන ග්‍රහයින් දකී. ලග්නයෙන් දෙවැන්න ශනි, රාහු, ගුරු, ශුක්‍ර, රවි, චන්ද්‍ර දකී.

දෙවනුව ලග්නය හා ලග්නාධිපති පාප පීඩිත වී දොළොස්වැන්න අධිපති සම්බන්ධ වීම තවත් බන්ධනාගාරගත වීමේ යෝගයකි. මේ යෝග බරපතළ රෝග සඳහා රෝහල් ගත වීමට ද හේතු වේ. නවාංශක සඳු බුධට කේන්ද්‍රගතව, නවාංශක ලග්නය බලවත් ගුරුට නොපෙනේ නම් එම ජන්මියා සමාජ සම්මතයන්ට ගරු නොකරයි. විශේෂයෙන්ම ප්‍රේම සබඳතා විවාහයෙන් අවසන් විය යුතු යයි නොසිතයි.

මේ කේන්ද්‍රයේ සඳු බුධ ට කේන්ද්‍ර ගතව, නවාංශකයේ ඔවුනොවුන්ගෙන් සත් වැන්නේ පිහිටා ඇති අතර ගුරු නවාංශක ලග්නය දුටුව ද ගුරු බලවත් නොවේ. මේ හේතුව නිසා ගුරු නවාංශක ලග්නය දැකීමෙන් අශුභ යෝගයේ පල අහෝසි නොවේ.

සිකුරු පාප ග්‍රහයන් දෙදෙනෙකුගේ ප්‍රබල දෘෂ්ටියට යොමුවීම පෙර භාවයෙන් ගෙන එන ලද ස්ත්‍රී ශාපයකි.

මෙම පාප ග්‍රහයින් ප්‍රබල වූ විට මෙම යෝගයන්හි අශුභ පල වැඩි වේ. විවාහ කාරක සිකුරු ග්‍රහයා ශනි හා රාහු‍ගේ දෘෂ්ටියෙන් පීඩා වේ. මේ රාහු දස වැන්නේ බලවත් වන අතර ශනි නීචය. මේ දෝෂය ජන්මියාට විවාහ සැපත අහිමි කරයි.

කේන්ද්‍රයේ උප පදයෙන් දෙවැන්න කුජ, කේතු හා ශනි දකින බැවින් ජන්මියාගේ ප්‍රථම සබඳතාවය බිඳ වැටේ. මොහු සිය පළමු බිරිඳ අතහැර දමා නීත්‍යානුකූල නොවන දෙවන සබඳතාවයක් පවත්වාගෙන ගිය අතර, උපතේ දී ශනි සිටි රාශියෙන් 12 වැන්න අධිපතියා වන ගුරුගේ මහ දශාවේ පළමු බිරිඳ මරා දමා සිරගත විය.

කුජ කේතු දෙදෙනා එක්ව කේන්ද්‍ර ස්ථානයක වීම, රාහු දස වැන්නේ වීම, ජන්මිය‍කුගේ ජීවිත අසාර්ථක කරන පිහිටීම් වේ.

Comments