රැකියා උත්පාදනයට බදු සහන | සිළුමිණ

රැකියා උත්පාදනයට බදු සහන

නව රැකියා උත්පාදනය කරන ආයෝජකයන්ට ප්‍රාග්ධන දිරිදීමනා ලබාදීම නව බදු පනතින්ද අඛණ්ඩව සිදු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

නව බදු පනත ලබන වසරේ අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වුවද විවිධ තලයේ ආයෝජන ඔස්සේ රැකියා උත්පාදනය කරන ආයෝජකයන්ට මේ සහනය හිමි වේ.

ඌව, උතුරු, නැ‍ඟෙනහිර පළාත්වල වැඩි ආයෝජනයක් සිදු කිරීමට ආයෝජකයන් පෙලඹවීමට ඉකුත් අයවැයෙන් රජය කළ යෝජනා නව ආදායම් පනත යටතේද ශක්තිමත් කොට ඇත.

සැප්තැම්බර් 06 වැනිදා සම්මත වූ නව ආදායම් පනත ක්‍රියාත්මක වීම ලබන අප්‍රේල් මස 01 වැනිදාට කල් තැබුණද, ආයෝජක දිරිදීම් ලබාදීමේ වෙනසක් සිදු නොවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කියා සිටියි‍.

ඇමෙරිකානු ඩොලර් මිලියන 3ට වඩා වැඩි මුදලක් (ඉඩම් හැර) ආයෝජනය කරමින් නව රැකියා අවස්ථා 250කට වඩා වැඩි ප්‍රමාණයක් උත්පාදනය කරන උතුරු පළාතේ ව්‍යාපාරවලට ඔවුන් යොදවන ආයෝජනය සඳහා 200%ක ප්‍රාග්ධන දීමනාවක් ලබාදෙනු ඇත. මේ අන්දමට ඌව හා නැ‍ඟෙනහිර පළා‍ත් දෙකේ ආයෝජනයක් සිදු කළ හොත් 100%ක ප්‍රාග්ධන දීමනාවක් හිමි වේ‍. 

Comments