මාළු පැටවු කෝටි පහක් | සිළුමිණ

මාළු පැටවු කෝටි පහක්

ඔක්තෝබර් 1 වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත මෙරට ආහාර නිෂ්පාදනය කිරීමේ වගා සංග්‍රාමයට සාපෙක්ෂව ආහාර සඳහා අවශ්‍ය මත්ස්‍ය සැපයුම වැඩි කිරීමට ජලජීවි වගා සංවර්ධන අධිකාරීය විසින් ‍විශේෂ වැඩපි‍ළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි‍.

ඒ අනුව ඉදිරි මාසයේදි මත්ස්‍ය පැටවුන් මිලියන පනහක් ජලාශවලට මුදාහැරී‍මට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි. දැනට ක්‍රියාත්මක වන වාරිමාර්ග ව්‍යාපෘති වන මොරගහකන්ද යටතේ තිබෙන ජලාශ යෝජනා ක්‍රම‍ය ය‍ටතේ තිබෙන සියලු ජලාශ ලැයිස්තුගත කර, ඉදිරියේදී මේ මත්ස්‍යයන් මුදාහැරීම සිදු කරන බවද ඇමැතිවරයා කීය. 

Comments