
2017 ජාත්‍යන්තර යොවුන් දිනය නිමිත්තෙන් යෞවනයන් සුවබර ක්‍රියාශීලී යෞවනයක් වෙත යොමු කිරීමේ අදහස ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන “යොවුන් පියස” වෙබ් අඩවිය නිල වශයෙන් විවෘත කිරීම පසුගිය දා කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා අතින් සිදු කෙරිණ.
එම අවස්ථාවට ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ප්‍රියානි සේනාරත්න, නව යොවුන් හා යොවුන් ඒකකයෙහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය අයේෂා ලොකුබාලසූරිය, මානසික සෞඛ්‍ය ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා, රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය බටුවන්තුඩාව සහ විශේෂඥ වෛද්‍ය චිරන්තිකා විතාන යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
වයස අවුරුදු 10 - 24 දක්වා වන තරුණ කණ්ඩායමට මුහුණ පාන්නට සිදුවන සෞඛ්‍ය ගැටලු, ප්‍රජනක හා ලිංගික සෞඛ්‍ය පිළිබඳ ගැටලු, එච්. අයි. වී. ඒඩ්ස් අවදානම, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග, නව යොවුන් වියේ ගැබ් ගැනීම්, අනාරක්ෂිත ගබ්සා, හදිසි අනතුරු, මානසික ගැටලු, දුම්බීම මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, සියදිවි හානිකර ගැනීම, නිධන්ගත රෝග, සෞඛ්‍යමත් නොවන ජීවන රටා, බෝ නොවන හිංසන හා අපයෝජනය, පෝෂණය සම්බන්ධ ගැටලු, රක්තහීනතාවය, ස්ථුලතාවය හා කෘශ බව මෙන්ම යෞවනයන් සඳහා වන සෞඛ්‍ය සේවාවන් පිළිබඳ මෙම වෙබ් අඩවියෙන් නිවැරැදි තොරතුරු ඉදිරිපත් කෙරේ. මෙම සේවා සියල්ල නොමිලේ සැපැයෙන අතර සිංහල දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මෙමඟින් දැනුම හා තොරතුරු ලබා දෙයි.
https://www.yowunpiyasa.lk යන්න යොවුන් පියසෙහි විද්‍යුත් ලිපිනය වේ.
වයස අවුරුදු 10 - 19 අතර කාණ්ඩය නව යෞවනයන් ලෙස සැලැකේ. වයස අවුරුදු 15 - 24 දක්වා අයත් වන්නේ තරුණ කාණ්ඩයටය.
ඡායාරූපය - විමල් කරුණාතිලක