අන්තර්ජාතික ගණිත තරගාවලියේ දී අපේ සිසුන්ගෙන් සුවිශේෂ දස්කම් | Page 2 | සිළුමිණ

අන්තර්ජාතික ගණිත තරගාවලියේ දී අපේ සිසුන්ගෙන් සුවිශේෂ දස්කම්

 රටවල් 24ක සහභාගීත්වයෙන් ඉන්දියාවේ ලක්නව්හි දී ජූලි මස 25 දින සිට 31 දින දක්වා පවත්වන ලද අන්තර්ජාතික ගණිත තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ සිසුන් ප්‍රථම වරට හොඳම නිර්මාණශීලීත්වය සඳහා වූ ශූරතා කුසලානය ඇතුළු සම්මාන රැසක් හිමි කරගෙන තිබේ. කේවල තරගාවලියේ දී රිදී පදක්කම් 1ක්, ලෝකඩ පදක්කම් 8ක්, කුසලතා සම්මාන 3ක් සහ සහභාගීත්ව සහතික 4 ක්ද කණ්ඩායම් තරගාවලියේ දී ලෝකඩ පදක්කම් 12 ක් සමඟ දෙවන අනුශූරතා කුසලාන 3 ක්ද සමූහ තරගාවලියේ දී ලෝකඩ පදක්කම් 4ක් සමඟ දෙවන අනු ශූරතා කුසලානයක් ද ලෙස පදක්කම් සහ කුසලාන හිමි කරගැනීමට සමත් වී ඇත. ඒ අනුව සමස්ත ප්‍රතිඵලය ලෙස ශූරතා කුසලානයක්, දෙවන අනු ශූරතා කුසලාන 4ක්, රිදී පදක්කම් 1ක්, ලෝකඩ පදක්කම් 24ක් කුසලාන සම්මාන 3ක් සහ සහභාගීත්ව සහතික 4ක් ලෙස වේ.

කේවල තරගාවලියේ දී රිදී පදක්කම හොරණ තක්ෂිලා විද්‍යාලයේ චනුද අනුසර ජයලත් විසින් ද ලෝකඩ පදක්කම් කොළඹ 07 රාජකීය විද්‍යාලයේ සිතිජ අභිෂේක කොටුවෙවත්ත, සචිත් ආදිත්‍ය බණ්‍ඩාර සහ මානෙල් බානුල පෙරේරා, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පහන්මා උපනි ලෙනෝරා, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කිසර සදලුක කොඩිතුවක්කු, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ උදිත සඳරුවන් විජේරත්න, කොළඹ විශාඛා විද්‍යාලයේ නෙලූෂි විතානච්චි හා කොළඹ ආනන්ද විද්‍යාලයේ ගෞර අභින්ද්‍ර මහබදුගේ යන සිසුන් විසින් ජයග්‍රහණය කර තිබේ. .

බදුල්ල මධ්‍ය මහ විද්‍යාලයේ නෙත්මිණ පූජන ශාමික ද සිල්වා, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ කවිඳු තීක්ෂණ විමලවීර සහ යාපනය හින්දු විද්‍යාලයේ ශ්‍රී බාල ක්‍රිෂ්ණන් වනෝජා විසින් ද සහභාගීත්ව සහතික කුරුණෑගල මලියදේව විද්‍යාලයේ හංසජ නිරෝජිත් බණ්ඩාර, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ මිහිරු අනුෂක බණ්ඩාර, කොළඹ 07 රාජකීය විද්‍යාලයේ ලුචිත දිසල් පතිරණ සහ කුරුණෑඝල මලියදේව විද්‍යාලයේ විහර ආශිංෂණ විජේසිංහ යන සිසුන් විසින් කුසලතා සම්මාන සහතික හිමිකර ගෙන ඇත. ප්‍රහේලිකා තරගාවලියේ දී දක්ෂතම තරගකරු ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයේ ගෞර අභීන්ද්‍ර මහබදුගේ සහ බදුල්ල මහ විද්‍යාලයේ නෙත්මිණ පූජන ශාමික ද සිල්වා යන සිසුන් තේරී පත්ව ඇත.

Comments