සිහින සාගරේ | Page 4 | සිළුමිණ

සිහින සාගරේ

එෆ් එම් චැනල් ගංවතුර ආධාර බෙදුවට

නියං ආධාර බෙදන්නේ නැත්තේ ඇයි?

ඩෙංගු මාරයාට වඩා සයිටම් එක භයානක ද?

ඩෙංගුවලට බෙහෙත් නැති දොස්තර මහත්තුරු ගාව කොහොමද සයිටම් ලෙඬේට බෙහෙත් තියෙන්නේ?

ලෝක ඖෂධ බහුජාතික ව්‍යාපාරයේ දේශීය ප්‍රධාන නියෝජිතයා ජීඑම්ඕඒ එකද?

විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ දිවි පුදන්න හදන්නේ ලෝකයේ ධනපති ඖෂධ වෙළඳ සමාගම් වෙනුවෙන් ද?

අන්තිමට කවුරු කවුරුත්ම සේවය කරන්නේ ධනපති පංතියටමද?

එතකොට ධනපති පංතියට අදින්නේ සයිටම් එකට පක්ෂ අය ද විරුද්ධ අය ද?

සයිටම් එක අයිති ධනපති පංතියට ද?

සයිටම් එකට විරුද්ධ අය අයිති ධනපති පංතියටද?

ධනපති පංතිය කියලා එකක් තියෙනවද?

ධනපති පංතිය කියලා එකක් නැත්නම් නිර්ධන පංතියක් තියෙනවද?

විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ නිර්ධන පංතියට අයිති වෙන්නේ විශ්ව විද්‍යාලෙ ගිය දවසේ ඉඳලද?

විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ විශ්ව විද්‍යාලෙන් අයින් වුණාට පස්සේ අයිති වෙන්නේ මොන පංතියටද?

දේශපාලන පක්ෂයක් හදන එක ව්‍යාපාරයක් ද?

පෙරටුගාමී කියන්නේ නමක් විතරද?

සයිටම් එක නොතිබුණා නම් පෙරටුගාමී අය මොකක්ද කරන්නේ?

සයිටම් එක හැදුවෙම පෙරටුගාමීන්ගේ පැවැත්ම වෙනුවෙන් ද?

බෙහෙත් දෙන අතින් ස්ට්‍රයික් කරන්නේ කොහොමද?

සිංහල වෙද මහත්තුරු ස්ට්‍රයික් කරන්න දන්නේ නැත්තේ ඇයි?

දොස්තර මහත්තුරු ස්ට්‍රයික් කරන්න දන්නේ ඇයි?

හදවත් තියෙන අයටත් හදවත් බද්ධ කරන්න වෙයි ද?

කුණු ප්‍රශ්නේ කවෙදා විසඳෙයි ද?

වරාය, අධිවේගී මාර්ග හදලා කඳු නාය යන එක නවත්තන්න පුළුවන්ද?

තෙල් ටැංකි බදු දුන්නට රටේ තියෙන නියඟයට විසඳුමක් ලැබෙනවද?

හැම ප්‍රශ්නයක් ගැන ම කතා කරන ෆේස් බුක් වීරයෝ රටෙන් හතරෙන් තුනකට බලපාන නියඟය ගැන කතා නොකරන්නේ ඇයි?

ෆේස්බුක් වීරයෝ කතා කරන්නේ කොළඹට දැනෙන ප්‍රශ්න විතරද?

එෆ් එම් චැනල් නියං සහනාධාර බෙදන්නේ නැත්තේ ඇයි? බෝට්ටුවල යන්න නොලැබෙන හින්දද? නැතිනම් නියඟය ගංවතුරට වඩා ලොකු ප්‍රශ්නයක් හින්දද?

නියඟය, ගංවතුර වගේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්නේ නැතුව අධිවේගී මාර්ග ගුවන් පාලම් හදන්න හැම ආණ්ඩුවක් ම වැඩියෙන් කැපවෙන්නේ ඇයි?

ඩෙංගු වාගේ ම නියඟය හා ගංවතුර වැඩිවෙනවා කියන්නේ රටේ සංවර්ධනය වැඩිවෙලා කියන එකද?

එතකොට සංවර්ධනය කියන්නේ ඩෙංගු, ගංවතුර හා නියඟය වැඩිවීමද?

වකුගඩු රෝගය වැඩි වැඩියෙන් පැතිරීමත් රට සංවර්ධනය වීමේ ලක්ෂණයක් ද?

එතකොට මේ සංවර්ධනයෙන් අපි අන්තිමට කොහෙටද යන්නෙ?

සයිටම් එක පේන අයට මේ ප්‍රශ්න නොපෙනෙන්නේ ඇයි?

මේ රට කියන්න ඇත්ත ප්‍රශ්න ගැන කතා නොකර තමන්ට වාසි ප්‍රශ්න ගැන විතරක් කතා කරන අරුමපුදුම පණ්ඩිතයෝ ඉන්න රටක් ද?

මොළ සංශෝධනය කරගන්න බැරිව මොන ව්‍යවස්ථා සංශෝධන කළත් වැඩක් වෙයිද?

මම ප‍්‍රශ්න පිට ප්‍රශ්න නගමින් සිටියෙමි. මෙතරම් ප්‍රශ්න මා කල්පනා කරන්නේ ඇයිදැයි මම සිහිනයෙන් ම කල්පනා කළෙමි. ඒ මා අවදියෙන් නොව නින්දෙන් සිටින නිසා බව ද මට සිහිනයෙන් කල්පනා විය.

Comments