හම්බන්තොට වරාය ගිවිසුමට ජාතික සේවක සංගමයේ ප්‍රසාදය | සිළුමිණ

හම්බන්තොට වරාය ගිවිසුමට ජාතික සේවක සංගමයේ ප්‍රසාදය

 හම්බන්තොට වරාය බදුදීමේ ගිවිසුම ලෝකයේ ප්‍රබලම නාවික සමාගමක් හා චීන රජය සමඟ ශ්‍රී ලංකා රජය 2017.07.30 වන දින කොළඹදී අත්සන් තබන ලද නාවික හා වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව වත්මන් රජයේ ජනාධිපති අගමැති විෂය භාර ඇමැති ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයට ජාතික සේවක සංගමය ස්තුතිය පුද කර සිටී.

මෙම බදු ගිවිසුමත් සමඟම, කොළඹ වරායේ සේවකයන්ට 100% ක් ම මෙම ණය බරින් නිදහස් වීමේ ප්‍රීති ජනක මංගල අවස්ථාවට පත් වීමෙන් කොළඹ වරායේ සේවකයන් අද සිටින්නේ ඉතා සතුටිනි. සේවකයන් තුළ පැවැති වැරදි මත නිවැරැදි දිසාවකට ඉතා කෙටි කාලයකදි සියලු සේවකයන් යොමු කිරීමට හැකිවීම සම්බන්ධයෙන් වත්මන් විෂය භාර අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාට ද මෙම අසීරු පිම්ම පැනීමට හැකිවීම ගැන අප සංගමය එම අවස්ථාවේ දී එතුමාට ද ස්තුතිය පුද කර සිටින අතර එසේ ම ණය බරින් නිදහස් ව‍ූ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉදිරියේදී කොළඹ ජයබහලු කන්ටේනර් පර්යන්තය අනෙකුත් පෞද්ගලික කන්ටේනර් පර්යන්තය සමඟ තරගකර ජයගෙන කොළඹ වරායේ සේවකයන්ගේ රැකියා සුරක්ෂිත වරායක් බවට පතකර දීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය පියවර ගනු ඇතැයි අපගේ දැඩි විශ්වාසයයි. මේ අවස්ථාවේ දී නිවැරැදි දේ දැක රටේ අනාගතය වෙනුවෙන් 2017 සිට වේගවත් සංවර්ධනය වෙනුවෙන් සමස්ත වැඩකරන ජනතාවගේ අවම වැටුප රු. 40,000/= කට ඉහළ දැමීමට මේ ගෙන යන විප්ලවීය වෙනසට දායක වූ සමස්ත වරාය සේවක සැමට වෘත්තීය සමිති භේදයකින් තොරව අප ජාතික සේවක සංගමය සේවක සැමට ප්‍රණාමය පුද කර සිටිමු.‍ 

 

Comments