බාකීර් මාකාර් අනුස්මරණ දේශනය තුර්කියේ හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් | Page 2 | සිළුමිණ

බාකීර් මාකාර් අනුස්මරණ දේශනය තුර්කියේ හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන්

 හිටපු කථානායක අල්හාජ් බාකීර් මාකාර් මහතාගේ 20 වැනි ‍අනුස්මරණ දේශනය 2017 අගෝස්තු 08 වැනි දින කොළඹ දී පැවැත්වේ. ජාතික එකමුතුව සඳහා වන බාකීර් මාකාර් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන මේ සමරු දේශන මාලාව දේශමාන්‍ය එම්.ඒ. බාකීර් මාකාර් මහතා අවංකවම ඇප කැපවී සිටි විවිධත්වය තුළ එකමුතුව දිරිගැන්වීම හා ජාතික එකමුතුව නගාසිටුවීම ‍ෙකරෙහි යොමුවෙයි.

එම්.ඒ. බාකීර් මාකාර් මහතාගේ අභාවයෙන් පසු බාකීර් මාකාර් පවුලේ සමීපතමයන් විසින් ජාතික එකමුතුව සඳහා බාකීර් මාකාර් මධ්‍යස්ථානය පිහිටුවාගන්නා ලදී. වර්ෂ 1997 දී පිහිටුවා ගන්නා ලද බාකීර් මාකාර් මධ්‍යස්ථානයෙහි අරමුණ වන්නේ එම්.ඒ. බාකීර් මාකාර් මහතාගේ දර්ශනයට අනුව අන්තර් වාර්ගිය සුහදත්වයේ ද ජනතාව අතර වාර්ගික හා ආගමික සාමය හා සහජීවනයේ ද ජාතික එකමුතුවේ ද උන්නතියට තුඩුදෙන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය දිරිගැන්වීම නගා සිටුවීම හා ඒවාට අවශ්‍ය සහයෝගය දැක්වීම ය.

මෙවර යෙදී ඇති 20 වැනි අනුස්මරණ දේශනය තුර්කියේ හිටපු අගමැති මහාචාර්ය අහමට් ඩවුටොග්ලු විසින් ‘සාමයට පදනමක් වශයෙන් බහුසංස්කෘතිකත්වය’ යන මැයෙන් පවත්වනු ලැබේ.

තුර්කියේ හිටපු විදේශ අමාත්‍යවරයකු ද වන මහාචාර්ය ඩවුටොග්ලු ‍ෆොරින් සොලිසි සඟරාව විසින් 2010, 2011 සහ 2012 වර්ෂවලදී ලෝකයේ ප්‍රමුඛතම නායකයන් 100 දෙනා අතරට තෝරාගන්නා ලදී. ස්වකීය සංචාරයේදී මහාචාර්ය ඩවුවොග්ලු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුම මුණ ගැසීමට නියමිත අතර ආදිල් බාකීර් මාකාර් පදනම විසින් සංවිධානය කරනු ලබන තරුණ සංවාදයකට ද සහභාගිවීමට නියමිත ය.

ජාතික එකමුතුව සඳහා වන බාකීර් මාකාර් මධ්‍යස්ථානය විසින් සංවිධානය කැරෙන මේ දේශනය ආරාධිතයන් සඳහා පමණි.

 

Comments