උතුරු දුම්රියේ සංඥා ගැටලුවක් | Page 3 | සිළුමිණ

උතුරු දුම්රියේ සංඥා ගැටලුවක්

උතුරු දුම්රිය මාර්ගයේ නැවත ඉඳි කරන ලද ඉන්දීය සමාගම් විසින් ස්ථාපිත කරන ලද දුම්රිය සංඥා පද්ධතියේ විදුලි සංඥා අඛණ්ඩව දැල්වීම නිසා අධික විදුලිය බලයක් වැයවීමත් විදුලි පහන් ආයුකාලය අඩුවීමත් නිසා දෙපාර්තමේන්තුවට විශාල ගැටලුවක් සහ විශාල වියදමක් දැරීමට සිදුව ඇතැයි වාර්තා වේ.

මේ දිනවල මතුව ඇති විදුලිය අර්බුදය හමුවේ රටේ සමස්ත විදුලිය බලය ලබා දීමද කෙරෙහිද එය බල පවත්වා ඇත.

අනුරාධපුරයේ සිට කන්කසන්තුරය දක්වා සහ මැදවච්චියේ සිට තලෙයි මන්නාරම දක්වා වූ සමස්ත මාර්ග පද්ධතියේම මේ තත්ත්වය උදා වී ඇති අතර අදින් වසර 60කටත් පෙර මෙරට ස්ථාපිත කරන ලද වර්තමානයේ කොළඹ ඇතුළු නාගරිකව පවත්නා සංඥා පද්ධතියේ දුම්රිය ධාවනයෙන් පසුව සංඥා ස්වංයක්‍රීයවම නිවී යාම නිසා විදුලිබලය ලබා ගැනීම අඩු වි විදුලි පහන් ආයුකාලයද වැඩි කර ගත හැකිව තිබේ.

මේ නිසා දෙපාර්තමේන්තුවට වැය වන වියදමට අමතරව සේවයයන් වරින්වරය නඩත්තු කටයුතු සඳහා යෙදවීමටද සිදුව තිබේ. මේ සම්බන්ධව දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතාගෙන් විමසූ විට ඒ මහතා පැවසුවේ මේ සම්බන්ධව දුම්රිය සංඥා ඉංජිනේරුවරයාට දන්වා ඇති බවත් එම තත්ත්වය නිවැරැදි කර ගැනීමට කාලයක් ගත වන බවත්ය. ඉන්දීය සමාගම විසින් ස්ථාපිත කළ තලෙයි මන්නාරමේ දුම්රිය පාලමක් ද පසුගියදා ඉවත් කර කර අලුතින් සකස් කරන ලද්දේ ප්‍රමිතිය පිළිබඳව ඇති වූ ගැටලුවක් නිසාය.

Comments