
ප්‍රංසය විසින් නිපදවා ඇති ඩෙංගු ප්‍රතිශක්තිකරණ එන්නත ශ්‍රී ලංකාවේ භාවිත කිරීමට ඇති හැකියාව හා එහි සාර්ථකත්වය සොයා බලන මෙන් සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඖෂධ අධිකාරියෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.
අවුරුදු 12න් ඉහළ ළමයින්ට භාවිත කළ හැකි මේ එන්නත පිළිබඳව පිලිපීනයේදී කළ අත්හදාබැලීම්වලින් එහි සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත්තේ 52%කි. එහෙත් මේ වන විට සිංගප්පූරුව වැනි රටවල් ගණනාවකින් එම එන්නත ඉල්ලුම් කර ඇති හෙයින් ඉදිරියේදී මෙය ශ්‍රී ලංකාවේ භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳ ඖෂධ අධිකාරිය යටතේ පිළිගත් මහාචාර්යවරුන්ගේ අධීක්ෂණයෙන් යුත් කමිටුවක් මඟින් පරීක්ෂණ සිදු කරනු ඇත.