මහානුභාවසම්පන්න චූල ජිනපඤ්ජර පිරිත | සිළුමිණ

මහානුභාවසම්පන්න චූල ජිනපඤ්ජර පිරිත

දිසාසු දසභාගේසු - ඨිතා බුද්ධානුභාවතෝ

වේරාපි අන්තරායාපි - විනස්සන්ති අසේසතෝ

එවමාදි ගුණෝපේතං - පරිත්තං තං භණාමහේ

පදුමුත්තරෝ පුරත්ථිමායං - අග්ගිම්හිචේව රේවතෝ

 

දක්ඛිණෙ කස්සපෝ බුද්ධෝ - නෙරුතේ ච සුමංගලෝ

පච්ඡිමේ ච සිඛී බුද්ධෝ - වායව්‍යා මෙධංකරෝ

උත්තරෝ පියදස්සී ච - ඊසානේ දීපංකරෝ

පථව්‍යා කකුසන්ධෝ ච - ආකාසේ සරණංකරෝ

අච්චන්තරාය සබ්බේ තේ- සෝක රෝග භයා පි ච

විනස්සන්තු සදා තුය්හං - සබ්බරියා පථේසු ච

යක්ඛාදි දේවතාහී ච - රාජ චෝරාරි අග්ගිහි

 

අමනුස්සෙහි සබ්බේහි - තිරච්ඡානගතේහි ච

ජාතා උපද්දවා සබ්බේ - විනස්සන්තු අසේසතෝ

සිරස්මිං තේ බුද්ධ සෙට්ඨෝ - සාරිපුත්තෝ ච දක්ඛිණේ

වාමංසෙ මොග්ගල්ලිනෝ තේ - පුරතෝ පිටකත්තයං

 

පච්ඡිමේ තව ආනන්දෝ - චතුද්දිසා ඛීණාසවා

සමන්තා ලෝකපාලා ච - ඉන්දදේවෝ ච බ්‍රහ්මා ච

එතෙසං ආනුභාවේන - සබ්බුපද්දමුපද්දවා

අනේකා අන්තරායා පි - විනස්සන්තු අසේසතෝ.

 

මේ චූල ජිනපඤ්ජර පිරිත අමනුෂ්‍ය දෝෂ දුරුකිරීම සඳහා ඉතාම බලවත්ය.නිවාස සහ ඉඩම් වලට අරක්ගෙන ඇති භූත පිසාච ප්‍රේත මලයක්ෂ ආදී අදෘෂ්‍යමාන බලවේගයන් මෙකී පිරිතේ ආනුභාවයෙන් දූරින්භූත වේ.

අ‍‍ඬෝවැඩියාව,ඇස්වහ ,කටවහ දෝෂ සතුරු බලවේග ආදී අඳුරු හානිකර බලවේග මේ පිරිත ඇසීමත් සමඟම එය ඇසෙන මානයෙන් ඉවතට වීසිවේ.

සෑම දිනකම තෙරුවන් වැඳ උදේ හා සවස චූල ජිනපඤ්ජර පිරිත සජ්ඣායනා කිරීමෙන් අතිශයින්ම විශිෂ්ට සුබ ප්‍රතිපල ලබාගත හැකිය.

 

යානීධ භූතානි සමාගතානි

භුම්මානිවා යා නිව අන්තලික්ඛේ

සබ්බේව භූතා සුමනා භවන්තු

අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං

 

තස්මාහි භූතා නිසා මේථ සබ්බේ

මෙත්තං කරොථ මානුසියා පජාය

දිවා ච රත්තෝච හරන්තියේ බලිං

තස්මාහි නේ රක්ඛථ අප්ප මත්තා

 

රතන සූත්‍රයේ ගාථාදෙක ජීවිතයේ බොහෝ අවස්ථාවලට පිහිට කරගත හැක. නා පිරිසිදු වස්ත්‍ර හැඳ චෛත්‍යයක් අබියසට ගොස් ශුද්ධ වූ ඒකාන්ත සිතිවිල්ලකින් යුතුව මල් සුවඳ දුම් පුදා ගිතෙලින් පහනක් දල්වා තිසරණ පංච ශීලයෙහි පිහිටා විවේකීව මාගේ අභිමතය සිද්ධවේවායි අධිෂ්ඨාන කොට දෙවියන්ට පින් දී 108 වරක් කියා සැතපෙන්න. ඔබට අවැසිදේ සිහිනෙන් පෙනේ.මීට අමතරව යක්ෂ ප්‍රේත අමනුෂ්‍ය රෝගාදියට පිරිත් කළ නූල් බඳින්න.රෙදි කොනක‍ට මතුරා ගැට ගසන්න. බිළිඳුන්ගේ බාලගිරි දෝෂයට කිරිතෙල් මතුරා ගන්න.

 

Comments