අලුතින් රැකියා ලක්ෂ දෙකක් | Page 3 | සිළුමිණ

අලුතින් රැකියා ලක්ෂ දෙකක්

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය හරහා පමණක් ඉදිරි වසර එකහමාරක කාලය ඇතුළත රැකියා ලක්ෂ දෙකක් ලබා දීමට මේ වන විට කටයුතු කර ඇතැයි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා සිළුමිණට කීය.

රැකියා දස ලක්ෂයක් ලබා දී‍මේ රජයේ වැඩ පිළිවෙළ යටතේ මේ රැකියා උත්පාදනය කරනු ලබන අතර දිවයිනේ විශේෂ කලාප 23ක් හරහා මේ රැකියා උත්පාදනය කිරීමට කටයුතු යොදා ඇති බවද ඇමැතිවරයා කීය.

විශේෂයෙන්ම කෘෂි ආර්ථිකය සම්බන්ධ රැකියා මෙසේ උත්පාදනය කිරීමට කටයුතු කරනු ලබන බවත් සංචාරක, මැණික් හා ස්වර්ණාභරණ ඇතුළු අනෙකුත් අංශද සම්බන්ධ කර ගනිමින් ‍මේ රැකියා උත්පාදනය කිරිමට කටයුතු යොදු ලබන බවත් ඇමැතිවරයා කීය.

Comments