විශාලතම සූර්යබල ව්‍යාපෘතිය යාපනයේ | සිළුමිණ

විශාලතම සූර්යබල ව්‍යාපෘතිය යාපනයේ

 මෙරට විශාලතම සූර්යබල ව්‍යාපෘතිය යාපනය පුනරීන්හිදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මෙගාවොට් 800ක විදුලි ධාරිතාවයක් උත්පාදනය කළ හැකි මෙම බලාගාරය උදෙසා අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීම ලබන මස සිදු කිරීමට නියමිත බවද ඇමැතිවරයා කීය.

මෙම ව්‍යාපෘතියට සමගාමීව මෙගාවොට් 240 ක ධාරිතාවයකින් යුත් සුළංබල ව්‍යාපෘතියක්ද යෝජිත භූමියේ ආරම්භ කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘති හරහා විකල්ප බලශක්තීන් වෙනුවෙන් මෙරටින් විදේශයන්ට ඇදීයන මුදලින් රු. බිලියන 03 ක් පමණ වසරකට ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙන බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කරගෙන සිදු කරනු ලබන මෙම ව්‍යාපෘති මගින් පරිසර හානිය අවමවන එම නිසා විදුලි බලයට පිළියමක් ලැබෙන අතර පරිසරය ආරක්ෂා කිරීමට දායකත්වයක් ලබා දිය හැකි බවද ඇමැතිවරයා පෙන්වා දෙයි. 

Comments