
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සිවිල් ගුවන් සේවා සංවර්ධන සහ අධ්‍යාපන කමිටුව විසින් ‘ගුවන් සේවා ක්ෂේත්‍රයෙන් බිඳක් ශ්‍රීලාංකේය දරුවනට’ තේමාව පෙරදැරිව සංවිධානය කරනු ලබන ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳව පාසල් සිසු දරු දැරියන් දැනුවත් කිරීමේ අධ්‍යාපනික වැඩසටහන් මාලාවෙහි නවමු දැනුවත් කිරීමේ වැඩසටහන වන ගුවන් තොටුපොළ ආශ්‍රිත මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳ පාසල් සිසු දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩසටහනෙහි මංගල පියවර පසුගිය 14 වැනිදා දවස පුරා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී ආරම්භ විය.
මසකට වරක් පැවැත්වෙන මෙම අධ්‍යාපනික වැඩසටහන සඳහා සිවිල් ගුවන් සේවා සංවර්ධන සහ අධ්‍යාපනික කමිටුව මඟින් දිවයිනේ උසස් පෙළ පන්ති පැවැත්වෙන පාසල්වල ස්ථාපිත කර ඇති පාසල් ගුවන් සේවා සමාජයන්හි පාසල් සිසු දරු දැරියන් සහභාගි කරගනු ලබන අතර විදුහල්පතිතුමාගේ/ විදුහල්පතිතුමියගේ අනුමැතිය සහිතව විවෘත අයදුම්පත් යොමු කිරීම ඔස්සේ ද දිවයිනේ ඕනෑම සිසු දරු දැරියකට ද මෙම වැඩසටහනට සහභාගි වීමට අවස්ථාව සලසා දී ඇත.