දැන් පෙන්වනු ලැබේ වාස්තු මැජික් ! | සිළුමිණ

දැන් පෙන්වනු ලැබේ වාස්තු මැජික් !

වාස්තු විද්‍යාත්මකද? - අද සමාජය පිළිබඳව සලකා බලන කල වාස්තු විද්‍යාව බොහොමයක් දෙනා නොසලකා හරින තත්වයකට පත්ව ඇත. එයට හේතුව වන්නේ වාස්තු ශාස්ත‍්‍රය තර්කානුකූල නොවන විද්‍යාත්මක නොවන හුදු ශාස්ත‍්‍රීය කරුණු මත පදනම් වූ ශාස්ත‍්‍රයක් යැයි බොහෝ දෙනා සිතීමය. නමුත් එය එසේ නොවේ. සැබවින්ම වාස්තු සම්පූර්ණ විද්‍යාත්මක ය. සියලූ වාස්තු තත්වයන් අද විද්‍යාත්මක උපකරණවලින් මැන පෙන්විය හැකි තත්වයට විද්‍යාව දියුණු තත්වයට පත්ව ඇත.

වාස්තු ශාස්ත්‍රය විද්‍යාත්මකද? - අද සමාජය පිළිබඳව සලකා බලන කල වාස්තු විද්‍යාව බොහෝ දෙනා විසින් නොසලකා හරින තත්ත්වයකට පත්ව තිබේ.. එයට හේතුව වන්නේ වාස්තු ශාස්ත‍්‍රය තර්කානුකූල නොවන විද්‍යාත්මක නොවන හුදු ගුප්ත කරුණු මත පදනම් වූ ශාස්ත‍්‍රයක් යැයි බොහෝ දෙනා සිතීමය. නමුත් එය එසේ නොවේ. සැබවින්ම වාස්තු ශාස්ත්‍රය සම්පූර්ණයෙන් ම විද්‍යාත්මක ය. සියලූ වාස්තු තත්ත්වයන් අද විද්‍යාත්මක උපකරණවලින් මැන පෙන්විය හැකි තත්ත්වයට විද්‍යාව දියුණු වී තිබේ..

වාස්තු ශක්තීන් විද්‍යාත්මක උපකරණ වලින් මනින්නේ කෙසේද? යන්න දැන් විමසා බලමු.

ලෝකයේ පවතින් සියලූ දේ ශක්තීන් ය. එම ශක්තීන් විවිධ තරංග සංඛ්‍යාත පරාශවලින් අපට නොයෙක් බලපෑම් එල්ල කරයි. වාස්තුවෙන් සලකා බලන්නේ ද අප ජීවත්වන පරිසරය තුළ පවතින්නා වූ ශක්තීන් සහ ඒවායේ ප‍්‍රබලතාවයි. වාස්තු නිවැරදි කිරීමක් යනු අපට හිතකර ශක්තීන් පරිසරය තුළ රැඳීමටත් අහිතකර ශක්තින් එම පරිසරයෙන් ඉවත් වීමටත් සලස්වා පරිසරය සකස් කිරීමයි.

මාලිමාවක් ගෙන එය මේසයක් මත තබන්න. එවිට එහි උතුරු කටුව උතුරට හැරේවි නමුත් උතුරු කටුව උතුරු දෙසට හැරුණේ ඇයි? එය සිදු වූයේ පොළව මත දිවෙන චුම්භක බලරේඛාවන් නිසාය. ඒවා අපේ ඇසට නොපෙනේ නමුත් ඒ මගින් මාලිමා යන්ත‍්‍රයෙහි උතුරු කටුවෙහි වෙනසක් සිදුකර ඇත.

මෙවන් අපට නොපෙනෙන නමුත් අපට බලපෑම් කරන නොයෙක් ශක්තීන් බොහොමයකි. ඒවා දැන් විද්‍යාත්මක උපකරණ මගින් මැන බැලීමේ හැකියාව පවතී.

ගිනිගොඩක් අසල සිටිනවිට අපේ ශරීරය රත් වන්නා සේම අහිතකර ශක්තීන් අසල රැඳෙන අප තුළ සකස්වන්නේ ද අහිතකර තත්ත්වයන්මය. අප හඳුනාගත යුතුව තිබෙන්නේ අප අවට රැදෙනුයේ අහිතකර ශක්තීන් ද හිතකර ශක්තීන්ද යන්නයි. මෙය නිවැරදිව මැන බලන්නාවූ විද්‍යාත්මක ක‍්‍රමය වාස්තු විද්‍යාව ලෙස හැඳින්වේ.

වාස්තු ආයුර්වේදය

අද සමාජය දෙස බලනවිට බොහෝ දෙනා කුමන හෝ අසනීපයකින් පෙළෙන බව දකින්නට ඇත. සැබවින්ම මෙයට හේතුව කුමක්ද? පරිසර දූෂණයද? ශාරීරික ව්‍යායාම් අඩුවීමද? නුසුදුසු ආහාර භාවිතයද? කර්ම ශක්තිය ද? නො එසේනම් නිවාසවල ඇති වාස්තු දෝෂයන්ද ? බොහෝ දෙනා මේ පිළිබඳ නොයෙක් මත පළ කරති. සැබවින්ම එම තත්ත්වයට ඉහත කී ඕනෑම ආකාරයේ කරුණක බලපෑමක් තිබිය හැක. නමුත් ඒ අතර වාස්තු විද්‍යාත්මක වැරදිවල ද ප‍්‍රබල බලපෑමක් ඇති බව අපට පෙනී ගොස් තිබේ.

නිරිත කුස්සියෙන් කොන්දේ අමාරුව

යම් ගෙදරක නිරිත දිශාවේ මුළුතැන්ගෙය පිහිටා නිරිත දිශාව දුර්වලව ඇත්නම් එම නිවැසියන්ට අතපය කැක්කුම් කොන්දේ අමාරු නොමැති දවසක් නැති තරම් ය. හන්දි වේදනා ආදිය ද ඇතිවේ. නිරිතදිගට නිවසට ආසන්නව ළිඳ වැසිකිලි වළ පිහිටීම මගින්ද මේ තත්ත්වයන් උදාවේ. ඉඩමේ බැස්ම නිරිත දිශාවට ඇත්නම් ද මෙවැනි රෝගී ඇතිවීමේ අවදානමක් පවතී.

මනසට වද දෙන ඊශාන දෝශය

නිවසක මුළුතැන්ගෙය ඊශාන දිශාවට පිහිටීම ද සුබ නැත. ඉහළ ජලටැංකි, වැසිකිලි වළ ආදිය ඊශාන ශක්තිය දුර්වල කරයි. ඊශාන ශක්තිය දුර්වල වීම මූලික වශයෙන් මනසේ ආකූල ව්‍යාකූලතා ඇතිවීමට හේතුවකි. පපුව මැද සිරුර ඇතුළින් රිදෙන ගතිය, ශරීරයේ බිබිලි දැමීම හා ඇඟ කැසීම වැනි තත්ත්වයන් ඇතිකරයි. ඊශාන දිශාව අන් ප‍්‍රදේශවලට වඩා සැහැල්ලූව බැස්මක් සහිතව තිබිය යුතුය.ඊශාන ප‍්‍රබල ලෙස දුර්වල නිවාසවල වෙසෙන කාන්තාවන් ගේ ගර්භාෂය සම්බන්ධ අසනීපද ඇතිවී ඇතිබව කිහිප අවස්ථාවකදීම අත්දකින්නට ලැබී තිබේ.

වාස්තු පරීක්‍ෂාව

වාස්තු පරීක්‍ෂාවේ දී අදාල සියලූ තත්ත්වයන් නිසිලෙස ක‍්‍රමානුකූලව පරීක්‍ෂා කළ යුතු ය. එය වාස්තු උපදේශකවරයෙකු ගේ කාර්යභාරයකි. නමුත් අපේ අවාසනාවකට නිවැරදිලෙස ශකිතීන් සහ ශක්තිගලනයන් හඳුනාගෙන නිවැරදි වාස්තු උපදේශනයක් කළහැකි වාස්තු උපදේශකවරුන් සිටිනුයේ අතේ ඇඟිලි ගණනටත් අඩු ප‍්‍රමාණයකිනි.

බොහොමයක් දෙනා සිදු කරනුයේ නිවෙසක වර්ග කිරීම උළුවහු ජනෙල් සංඛ්‍යා බැලීම ආදී සුළු කටයුතු ටිකක් පමණි. නමුත් වාස්තු විද්‍යාව යනු ඊට වඩා පුළුල් පරාසයක බැලිය යුතු විද්‍යාත්මක ක‍්‍රමවේදයකි. වාස්තු විද්‍යාව යනු එකකි. එක් වාස්තු උපදේශක වරයෙකුට එක් ක‍්‍රමයකුත් තවත් වාස්තු උපදේශකවරයෙකුට තවත් ක‍්‍රමයකුත් තිබිය නොහැක. දෙදෙනෙක් වාස්තු පිළිබඳව එකම කරුණට මත දෙකක් දරයිනම් එතැනදී නියත වශයෙන්ම එක් අයෙක් වැරදි විය යුතුය. එවිට ඔබ සිදුකළ යුත්තේ එම වෙනස් මත දරන දෙදෙනා මුණගස්වා ඔවුන්ගේ නිවැරදි මතය කුමක් දැයි විමසා බැලීමයි.

වාස්තු නිවැරදි කිරීම

නිවෙසක - කාර්යාලයක හෝ ඕනෑම ස්ථානයක ඇති වාස්තු වැරදි නිවැරදි කළ හැකි ක‍්‍රම කිහිපයක් ඇත. එකක් නම් එම ඉඳිකිරීම කඩා නැවත නිවැරදිකර ඉඳි කිරීමයි. නමුත් විශාල වියදමක් කර ඇති නිවෙසක හෝ තට්ටු නිවාසයක හෝ ඉඩකඩ සීමිත ස්ථානයක එසේ සිදුකිරීම පහසු නැත.

මොකක්ද පිළියම

මෙවැනි ස්ථානවල වාස්තු දෝෂ නිවැරදි කිරීම් සඳහා මනා විද්‍යාත්මක පර්යේෂණ ගණනාවකින් පසුව මෙම වාස්තු වැරදි දුරු කරන්නා වූ උපකරණ බොහොමයක් ඉන්දියාවේ ජීව ශක්ති මහාචාර්ය ජිතේන් භට් විසින් හඳුන්වා දී ඇත. මේවායින් සිදු කරනුයේ අදාල ස්ථානයට අවශ්‍ය ශක්තීන් මෙම උපකරණ මගින් එම ස්ථානයට ලබා දීමයි.

මොනවද මේ උපකරණ

මේ වාස්තු නිවැරදි කිරීම් සඳහා සකස්කර ඇති උපකරණ ඊජිප්තු පිරමිඩ මූලික කරගෙන ඒවායේ මිමි පරිමාණ අනුව සකස්වී ඇත. මේවායින් වාස්තු වැරදි නිවැරදිවන බව විද්‍යාත්මක උපකරණ වලින් පවා පෙන්වා දී ඇත.

පිරමිඩවල ශක්තිය

මේවායේ ශක්තිය ඔබට ද දැක බලා ගැනීමට හැකියාව තිබේ. මෙම උපකරණ තුළ නැවත ආරෝපණය කළ හැකි බැටරියක් තැබුවහොත් කිසිදු විදුලි සැපයුමකින් තොරව එම බැටරිය ආරෝපණය වීම සිදුවේ. මේ පිරමිඩ තුළ ආහාර දින ගණනාවක් වුවද පිළුණු නොවී තබා ගැනීමේ හැකියාව පවතී.

නමුත් මෙම ක්‍රමවේදය නිසි පරිදි අධ්‍යයනය නොකළ සමහරුන් එකී උපකරණයන් වැරදියට භාවිත කිරීම නිසා මේවනවිට ලංකාව තුළ දැන් දකින්නට ලැබෙන්නේ වාස්තු විද්‍යාව නොව වාස්තු මැජික් බැව් පෙනෙයි.

Comments