![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/06/30/sil-06-11-na-01-ndk09062017_GRY.jpg?itok=U9OVWHA2)
මම සිහිනයෙන් දිව්‍ය ලෝකයේ සිටියෙමි. සිහිනයෙන් දිව්‍ය ලෝකයේ යාම සාමාන්‍ය දෙයකි. මා සිටියේ දිව්‍ය ලෝකයේ විශ්ව විද්‍යාලයේ දර්ශනය පිළිබඳ පංතියක ඉගෙනගනිමිනි.
’බේගල් කියන්නේ මොකක්ද’ දිව්‍ය ඇදුරුතුමා ප‍්‍රශ්නයක් ඇසුවේය.
’කියන හා අසන මොහොතේ දී පමණක් ඇත්ත යැයි හැඟෙන දේ’ දිව්‍ය ශිෂ්‍යයෙක් කීවේය.
පිළිතුර බාරගත් ඇදුරුතුමා එය තව දුරටත් විස්තර කළේය.
‘ඔව් බේගලයක් අහන මොහොතේ දී මාර ආතල්. ඊට වඩා පරම සත්‍යයක් නෑ කියලා හිතෙන්නේ’
ආතල් ආදී වචන දිව්‍ය ලෝකයේ පවතිනවාදැයි ඇසීමට කිසිවෙකු ඉක්මන් විය යුතු නැත. මක්නිසාද යත් මේ මිනිස් ලොව සිට දිව්‍ය ලෝකය ගැන දකින සිහිනයක්
බැවිනි. ඉන්පසුව ගුරුතුමා තවත් ප්‍රශ්නයක් ඇසුවේය.
‘බේගල් කියන්නේ කවුද? බේගල් අතෑරීමේ හැකියාව තියෙන්නේ කාට ද?’
දිව්‍ය ඇදුරුතුමාගේ මේ දිව්‍යමය ප්‍රශ්නයට ද දිව්‍ය ශිෂ්‍යයෙකුගෙන් දිව්‍යමය පිළිතුරක් ලැබිණි.
‘ඒ මොහොත් අහගෙන ඉන්න අය සතුටු කර මුලාකිරීමෙන් සතුටට පත්වෙන ඊට වඩා වගකීමක් නැති අයට තමයි බේගල් කියන්න පුළුවන්’
ඉන්පසුව දිව්‍ය ඇදුරුතුමා තවත් දිව්‍යමය පැහැදිලි කිරීමක් ශිෂ්‍යන්ගේ උත්තරවලට එක් කළේය.
‘මේ අය අද මෙතන ඉන්නේ බේගල් ගැන දැනගෙන හිටපු නිසා. ඒත් බේගලයකයි ඇත්තයි අතර වෙනස නොදන්න අයට දිව්‍යලෝකෙට එන්න ලැබෙන්නේ නෑ.
ඒ විදිහේ අය ලංකාවේ ගොඩක් වැඩියි. බේගල් කියන්නයි බේගල් අහන්නයි ආස අය ගොඩක් එහේ ඉන්නවා. එක තත්පරයකට වඩා අනාගතයක් දකින්න ඒ අයට හැකියාවක් නෑ.’
මෙහිදී තවත් දිව්‍ය ශිෂ්‍යයෙක් ගුරුතුමාට එක්විය.
‘ගුරුතුමනි සයිටම් ප්‍රශ්යනයම මේකට උදාහරණයක්. බේගල් නිසා ලංකාවේ සරසවි ශිෂ්‍යයෝ ලෝකයේ ඖෂධ මාෆියාව වෙනුවෙන් තමන්ගේ ජීවිත පූජා කරන්න
ලෑස්ති වෙලා ඉන්නවා. අනිත් එක ලංකාවේ ලොකුම ප්‍රශ්නේ සයිටම් එක නෙමෙයි. වකුගඩු ප්‍රශ්නේ, වස විස ආහාර, කඳු නාය යන එක, ගංවතුර, නියඟ, කුඩු වසංගතය ඊට වඩා බරපතල ප්‍රශ්න. උමා ඔයත් සයිටම් එකට වඩා ප්‍රශ්නයක්.
සයිටම් නිසා නෙමෙයි අද ලංකාවේ ම ජනතාවගේ අනාගත ජීවිත අස්ථාවර වෙලා තියෙන්නේ වස විස ආහාර නිසා. ඩෙංගු වුණත් වැඩිපුර හැදෙන්නේ මේ කන කෑම නිසා මිනිසුන්ගේ ඇඟේ කිසිම ප්‍රතිශක්තියක් නැති හින්ද. තත්පර තිහේ ඇත්ත අවුරුදු තිහක ඇත්තට වඩා ජනප්‍රිය වෙලා තියෙනවා. තත්පර තිහේ ඇත්ත කියන්නේ බේගල්’ අවසානයේ ශිෂ්‍යයෙක් දිව්‍ය ගුරුතුමාගෙන් ප‍්‍රශ්නයක් ඇසුවේය.
‘ලංකාවේ ඉන්න බේගල්කාරයන්ව හඳුනාගන්න පහසු ක‍්‍රමයක් කියන්න’
දිව්‍ය ගුරුතුමා පහසුවෙන් ම උත්තරයක් දුන්නේය.
‘සයිටම් වෙනුවෙන් මැරෙන්න හදන වැඩි දෙනා බේගල් කාරයෝ’
ලංකාවේ බේගල්කාරයන් දිව්‍ය ලෝකයේ විශ්ව විද්‍යාලයේ දී අනාවරණය වූ බව මට සිහිනයෙන් ම කල්පනා විය. දිව්‍ය ලෝකයේ විශ්ව විද්‍යාලයකට යන්නට කොපමණ ඉසඞ් ස්කෝර් එකක් ගත යුතුදැයි මම තවදුරටත් සිහිනයෙන් ම කල්පනා කරන්නට වූවෙමි.