![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/06/23/1-2.jpg?itok=va9-Zrb4)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 23 දා ආරම්භ කළ වැඩවර්ජනය වෛද්‍යවරුන්ගේ ම මත ගැටුම් හේතුවෙන් අසාර්ථක වූ බව වර්ජනයට එරෙහි වෛද්‍යවරු ප්‍රකාශ කරති. මුළු රෝහල් පද්ධතියම අඩාළ කරමින් එහි චෝදනාව රජයට එල්ල කිරීමේ අරමුණ පරාජය වූ බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීහු කිහිප දෙනෙක්ම ‘සිළුමිණ’ ට පැවසූහ.
ඔවුන් පවසන පරිදි ග්‍රාමීය රෝහල් බොහොමයක දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරී ඇති අතර ප්‍රධාන රෝහල්වල බාහිර රෝගී අංශවල කටයුතුවලට බාධා පැමිණ තිබේ.
සයිටම් විරෝධී අරගලයෙහි දේශපාලන අත පෙවීම් පිළිබඳ ඇතැම් වෛද්‍යවරුන් කළකිරීමේ ප්‍රතිඵලය ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට විරෝධයක් එල්ලවෙමින් පවතී.
21 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදුණු සයිටම් විරෝධී සිසුන් රුපියල් මිලියන ගණනක දේපළ හානි සිදු කිරීමට පක්ෂ වෙමින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔවුන්ට සහයෝගය දැක්වීම වෛද්‍ය වෘත්තියේ ආචාර ධර්ම කඩ කිරීමක් බව ඇතැම් වෛද්‍යවරුන් ගේ මතය වී ඇත.
පසුගියදා පදනම් ආයතනයෙහි පැවැති විද්වත් සාකච්ඡාවක දී සයිටම් රෝහලට විපක්ෂ හා පක්ෂ මත ගැටීමෙහි ප්‍රතිඵල ලෙස වෛද්‍යවරුන් අතර ගුටි කෙළියක් ද ඇති වී තිබේ.