තේ කිලෝ ලක්ෂ දෙකහමාරකට හානි | සිළුමිණ

තේ කිලෝ ලක්ෂ දෙකහමාරකට හානි

ගං වතුර නිසා තේ කිලෝ ග්‍රෑම් දෙලක්ෂ හතළිස් පන්දහසක් විනාශයට පත් වූ බව තේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා පවසයි. තේ වතුවලට සිදු වූ හානිය හා තේ කර්මාන්ත ශාලාවලට උද්ගත වූ හානිය හේතුවෙන් මේ තත්ත්වය උදා වූ බව පවසන ඒ මහතා පසුගිය මැයි මාසය වන විට තේ නිෂ්පාදනය කි‍ෙලා් මිලියන 129ක් වූ බව ද පැවැසූවේය.

පසුගිය වසරේ සමස්ත තේ නිෂ්පාදනය කිලෝ මිලියන 128ක් බව පවසන කොමසාරිස් වරයා මෙතරම් ස්වාභාවික විපතක් තිබියදී පවා නිෂ්පාදනය වැඩි කරගැනීමට හැකි වූයේ තේ කර්මාන්තය සම්බන්ධ පාර්ශ්වයන්ගේ දැඩි උනන්දුව නිසා බව කීය. 

Comments