ලන්දේසී යුගයට (1656-1786) අයත් යාපනය බලකොටුවේ පිහිටි ක්වින්ස් මන්දිරයේ කැණීම් කටයුතු මහාචාර්ය රෙබින් කනින් හැම්, කේ.ක්‍රිෂ්ණන් හා අර්මින් ස්මිච්ඩ් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ආරම්භ කෙරේ. හානියට පත්ව ඇති ක්වින්ස් මන්දිරයේ කැණීමෙන් පසු සංරක්ෂණ කටයුතු ආරම්භ කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි.
යාපනය කොටුවේ සංරක්ෂණ කටයුතු මේවන විට පුරාවිද්‍ය දෙපාර්තමෙන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල හා යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය මගින් සිදුකරනු ලබයි.