යකඩ යකා කෝටි 680ක් ගිලලා | Page 5 | සිළුමිණ

යකඩ යකා කෝටි 680ක් ගිලලා

දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය වස‍රේදී රුපියල් ‍කෝටි 680ක පාඩුවක් ලබා ඇත. මේ අලාභය ගැන උපුටා දක්වන මහ බැංකුව වාර්තාව පසුගිය වසරේදී 2015 වසරට වඩා ආදායම වැඩි වී ඇතත් දෙපාර්තමේන්තුවේ පාඩුව ඉහළ අගයක් ගන්නා බව පෙන්වා දී ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මාර්ග පද්ධතිය පාලම් මෙන්ම වර්ණ සංඥා ඇතුළු සියල්ල නඩත්තු කිරීම් සහ ස්ථාපිත කිරීම් සියල්ල සිදු කළ යුතු හෙයින් මේ අතිවිශාල අලාභය ‍සිදුවන බව පෙන්වා දෙන ප්‍රවාහන විශේෂඥයන් පෙන්වා දෙන්නේ දුම්රිය මඟී ප්‍රවාහනයෙන් ආදායම් ඉපැයීම නොව ඉන්ධන හා භාණ්ඩ ප්‍රවාහනය කාර්යක්ෂම කිරීමත් දුම්රිය ස්ථාන පිහිටා ඇති අධි නාගරික ප්‍රදේශවල මහල් ගොඩනැගිලි ආයෝජකයන් හරහා ඉඳි කිරීමත් කළ යුතු බවත්ය.

එසේම නගරාසන්න දුම්රිය ගාස්තුවද බස් රථ ගාස්තුවෙන් අඩක් පමණ වන බවත් දුම්රිය මඟීන්ගෙන් 70%ක් පමණ නගරාසන්න මඟීන් වන නිසා ගාස්තු අඩුවීමද බෙහෙවින් බලපා ඇති බ වත් විශේෂඥයෝ පෙන්වා දෙති. 

Comments

පිටු