ගිනි නීති දැඩි වෙයි | සිළුමිණ

ගිනි නීති දැඩි වෙයි

මහල් ගොඩනැගිලි ඉඳි කිරීමේදී ගිනි කළමනාකරණය පිළිබඳ නීති රීති දැඩිවම ක්‍රියාත්මක කරනු ලබන බව මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මේ වන විට කොළඹ නගරයේ හා අවට ඉතාම බාල ප්‍රමිතියකින් යුත් ගොඩනැගිලි 10,000 කට අධික ප‍්‍රමාණයක් තිබෙන බව පෙන්වා දුන් ඇමැතිවරයා මහල් ගොඩනැගිලි වල අනවසර ඉඳි කිරීම් 30000කට අධික ප්‍රමාණයක් තිබෙන බවත් මෙරට ගිනි නිවීම් ඒකක වලට ඉහළ මහල් සංඛ්‍යාවකින් යුක්ත ගොඩනැගිලි සඳහා ප්‍රමාණවත් පහසුකම් සැපයීමට නොහැකි බවත් කීය. මේ නිසා ඉඳිරියේදී අනිවාර්යෙන්ම ගිනි ආරක්ෂණ පද්ධති නීති රීති පනවනු ලබන බවද ඒ මහතා කීය. 

Comments