![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/06/16/ISIS-leader.jpg?itok=Uv8QKcL_)
තමන් විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් අයිඑස්අයිඑස් ත්‍රස්තවාදී නායක අබූ බකර් අල්-බග්දාධි මියගොස් ඇති බව විශ්වාස කළ හැකි තරමේ තොරතුරු ලැබී ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කර සිටියේය. ජනමාධ්‍යවේදීන් හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව දැනුම් දී තිබේ.
පසුගිය මැයි මස 28වැනිදා අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් ඔවුන්ගේ අගනුවර ලෙස සලකණු ලබන සිරියාවේ රක්ඛා නගරයේ අයිඑස් ත්‍රස්ත නායකයන්ගේ විශේෂ රැස්වීමක් පැවැත්වෙන බවට බුද්ධි අංශ තොරතුරු රුසියාව වෙත ලැබී තිබේ. ඒ අනුව රැස්වීම පැවැත්වෙන ස්ථානය හඳුනාගෙන ක්ෂණික ගුවන් ප්‍රහාර එල්ල කිරීමට රුසියානු ගුවන් හමුකාට කටයුතු කර තිබේ. ඒ ප්‍රහාරය සාර්ථක වී ඇති අතර රැස්වීම සඳහා අයිඑස්අයිඑස් නායක අල්- බග්දාධි සහභාගී වූ බවට නිශ්චිත තොරතුරු රුසියානු ආරක්ෂක අංශ වෙත ලැබී තිබේ.
ප්‍රහාරය සාර්ථක වූ බැවින් මේ දක්වා අයිඑස්අයිඑස් නායකයා සම්බන්ධව තොරතුරු විමසා බැලූ බවත් ඔහු මියගොස් ඇතැයි සැක කිරීමට තරම් තොරතුරු මේ වන විට තමන්ට ලැබී ඇති බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.