
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ඇතුළත් ඒකීය වචනය එලෙසම පැවතිය යුතු බවටත්, ශ්‍රී ලංකාව නොබෙදුණු රටක් ලෙස පැවතිය යුතු බවටත් විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා කළ යෝජනාව රට බෙදීම පිළිබඳ භීතියක් මවන්නන්ට දුන් හොඳ පිළිතුරක් බව මහාචාර්ය ජයදේව උයන්ගොඩ ‘සිළුමිණ’ කළ විමසීමකදී පැවසීය. මැයි මස 22, 23, 24 දිනවල ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව සඳහා විවිධ පක්ෂවල යෝජනා කැඳවීමේදී සම්පන්දන් මහතා දෙමළ ජාතික සන්ධානයෙහි අදහස ඉදිරිපත් කළේ ය.
රට නොබෙදා බලය බෙදීමට මීට පෙර දරන ලද සෑම උත්සාහයක්ම පරාජය කිරීමට මුල් වූ ජාතිවාදී බලවේග නැවත ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතක සම්පන්දන් මහතාගේ යෝජනාව ඉතා වැදගත් වන බව පැවසූ මහාචාර්ය උයන්ගොඩ, එකල නොබෙදූ රටක බලය බෙදීමේ කතිකාව පෝෂණය කළ පැකේජයේ නිර්මාතෘ මහාචාර්ය ජී.එල්. පීරිස් හා දයාන් ජයතිලක යනාදී උගතුන් රට බෙදන භීතිෙය් පෙරමුණ ගෙන සිටීම කනගාටුවට කරුණක් බව ද කීවේ ය. නොබෙදූ රටක බලය බෙදීම පිළිබඳ අදහස සියලු පක්ෂ නායකයන් ස්ථිර ව ප්‍රකාශ කිරීම ඔස්සේ ජාතිවාදී බලවේග පරාජය කළ හැකි බව මහාචාර්යවරයාගේ අදහස යි.