අනුරාධපුරයට යන්න විශේෂ දුම්රිය 31ක් | සිළුමිණ

අනුරාධපුරයට යන්න විශේෂ දුම්රිය 31ක්

පොසොන් සමයේ අනුරාධපුරයට හා මිහින්තලයට ගමන් ගන්නා මඟීන් සඳහා විශේෂ දුම්රිය 31ක් යොදවා ඇති බව දුම්රිය සහකාර වාණිජ අධිකාරි එන්.ජේ. ඉඳිපොලගේ මහතා පවසයි. මේ දුම්රිය ධාවනය ලබන 6 වැනිදා ඇරැඹෙන අතර එදින දහවල් 12.00ට කොළඹ කොටුවේ සිට පළමු විශේෂ දුම්රිය අනුරාධපුරය දක්වා ගමන් අරඹයි. එසේම 7 වැනිදා පෙරවරු 3.30ට, පෙරවරු 10.40ට දහවල් 12.45ට පස්වරු 6.00ට හා රාත්‍රී 11.15ටත් මාතරින් පෙරවරු 6.00ටත් අනුරාධපුරය දක්වා දුම්රිය ධාවනය කෙරේ. එදිනම පසුවරු 2.45ට අවිස්සාවේල්ලේ සිට අනුරාධපුරය දක්වා දුම්රියක් ධාවනය කෙරේ.

එසේම 8 වැනිදා අලුයම 3.30ට පෙරවරු 10.40ට පස්වරු 6.10ට දුම්රිය අනුරාධපුරය බලා කොළඹින් ධාවනය කරනු ලබන අතර අලුයම 2.45ට මහව සිට දුම්රියක්ද ධාවනය කෙරේ.

එසේම 9 වැනිදා අලුයම 4.00ට මරදානේ සිට හා පස්වරු 1.35ට මහව සිට දුම්රියක්ද ධාවනය කෙරේ.

එසේම අනුරාධපුරය හා මැදව්ච්චිය අතර දුම්රිය 4ක්ද ධාවනය කරනු ලබන අතර 10 වැනිදා පෙරවරු 11.30ට මහව සිට දුම්රියක් ධාවනය කෙරේ.

එසේම අනුරාධපුරය හා මිහින්තලය අතර සම්බන්ධීකරණ දුම්රිය සේවාවක්ද පැවැත්වේ.

7 වැනිදා සිට 10 වැනිදා පස්වරු 6.00 දක්වා කොළඹ දක්වා පැමිණීමේ දුම්රියයන් ධාවනය කෙර්. එසේම දිනපතා කන්කසන්තුරය, තලෙයිමන්නාරම හා වවුනියාව බලා ධාවනය වන ශීඝ්‍රගාමී නගරාන්තර දුම්රියයන්ට අමතර මැදිරි එකතු කර ඇති බවද ඒ මහතා පවසයි. 

Comments