
පසුගිය සතියේ තරුපාර තුළින් පෙන්වා දුන් පරිදි මැයි 21 දා සිට ඉදිරියට එළඹෙන දින එකොළහක කාලය ජලය ආශ්‍රිත විපත් බහුල කරවන කාල පරිච්ඡේදයක් බව පෙන්නුම් කරයි. මෙයින් වඩාත් අවදානම් දින කිහිපය මැයි 21 22 23 24 25 26 27 යනුවෙන් ටොලමියානු ගණිත ලක්ෂ මගින් විද්‍යාමාන කරවයි. කෙසේ නමුත් මැයි 21 දා සිට ජූනි මස 02 දා දක්වා කොයි කවුරුත් ජලය සහ ජලාශ ආශ්‍රිත ක්‍රියාකාරකම්වලදී ඉතා පරෙස්සම් විය යුතුව තිබේ.
මැයි 21 දා සිට මහ වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි අතර කෙටි කාල සීමාවක් තුළ දරාගත නොහැකි තරම් මහා ජල ප්‍රවාහයක් පොළොව මතට ඇද හැලීම නිසා ගංවතුර සුළි සුළං නාය යෑම් සහ ජලාශ වාරි කර්මාන්ත ආශ්‍රිත පිපිරීම් ආදිය නිසා ජීවිත සහ දේපල විනාශයන් සිදුවීමට ඉඩ තිබේ. උස් ගොඩනැගිලි සහ කුළුණු යනාදිය කඩා වැටීම හෝ ඒවාට බරපතළ හානි සිදුවීම් හෝ පිළිබඳ අවදානම ඉහළ නැංවෙයි. ගොඩබිමට පමණක් නොව ගංගා සමුදුරු යනාදියෙහි සහ ගුවනින් සිදුවන යාත්‍රා ගමනාගමනයට ද මෙයින් අනතුරුදායක තත්ත්වයක් ඇතිකරවයි.
මේ අනුව අහස පොළොව සහ සමුදුර ජලාශ යන තුන් තැනම මේ කෙටි කාලයේ අනතුරු අවදානම ඉහළ නැංවෙන බැව් පෙන්නුම් කරයි. මීට හේතු වන්නේ විශ්ව කේන්දරයේ ජල මර්මස්ථාන අසාමාන්‍ය ලෙස උත්තේජනයවීම සහ ඊට ප්‍රතිවිරුද්ධ ගිනි මර්මස්ථානයන් ද ජලය ආශ්‍රිත විපරීත තත්ත්වයකට ගොදුරු වීමයි. මේ තත්ත්වය ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයේ තවත් රටවල් ගණනාවකට බලපාන බැව් පෙන්නුම් කරයි.
ශ්‍රී ලංකා කේන්දරයේ ලග්න ශීර්ෂය 02- 03 - 08 සහ 11 වැන්න ආශ්‍රිතව මේ විපරීත තත්ත්වය හටගනි. මේ නිසා හදිසි ආපදා තත්ත්වයකට සූදානම්ව සිටීම වැදගත්වනු ඇත. ඉන්දීය කේන්දරයේ 02-03-04 සහ 09 වැන්න ආශ්‍රිතව මේ පීඩාව ක්‍රියාත්මක වෙයි. එංගලන්ත කේන්දරයේ 01- 06 - 09 - 11 - 12 ආශ්‍රිතව මෙකී විපරීත තත්ත්වය හටගනී. යුරෝපය අමෙරිකාව ඔස්ට්‍රේලියාව සහ චීනය ආශ්‍රිත කලාපයේ රටවල් ගණනාවකට මේ අයහපත් කාලගුණ විපර්‍යාසය නිසා විපත් ඇතිවිය හැකි බැව් විද්‍යමාන වෙයි. එය ලෝකයේ රටින් රටට ගමන් කරන විපත් මාලාවක් බවට පත්වන බවත් එහි බලපෑමෙන් අරාබි රටවලට පවා නිදහස් විය නොහැකි බවත් ටොලමියානු ගණිත සූත්‍ර මගින් නිවේදනය කරයි.