
කේ.සී.ජේ.රත්නායක
පසුගිය මාර්තු 27 දා සිට ලෝකය රත්වන බවත් අප්‍රේල් 12 දා සිට ඉදිරි සති දෙකක කාලය මහ පොළොව ගිනි ගත්තාක් මෙන් දැනෙනු ඇති බවත් තරුපාර තුළින් පුරෝකතනය කළ පරිදිම අධික ඌෂ්ණාධික කාලගුණය නිසා අපි සියලු දෙනා ම පීඩා වින්දෙමු. මේ ඌෂ්ණාධික කාලගුණය අවසන් වනවාත් සමඟ ම අධික වර්ෂාව සහ ජලය ආශ්රිත මහ පරිමාණ විපත් නිසා ශ්‍රි ලංකාව ඉන්දියාව සහ ලෝකයේ තවත් රටවල් ගණනාවක් දැඩි පීඩාවකට පත්වන බැව් අප විසින් පෙන්වා දෙනු ලැබුයේ මේ වසරේ ජනවාරී මාසයේදී ය. එකී පුරෝකතනය නැවත සිහිපත් කිරීමට දැන් අවස්ථාව උදා වී තිබේ.
මේ ලිපිය කියවන අවස්ථාව වනවිටත් සිසිල් කාලගුණයක් සහ තරමක වර්ෂාවක අත්දැකීම ඔබ විසින් අත්දකිමින් සිටිනු ලබනවා විය හැකිය. එහෙත් මැයි 20 වැනිදා සිට ජූනී 01 දා දක්වා වූ කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු ලෝකයේ තවත් ප්‍රදේශ රැසකට දරාගත නොහැකි තරම් අධික වර්ෂාපතනයක් ඇද හැළෙන බවත් ගංවතුර- නාය යෑම්- වැසි කුණාටු - ටෝනෙඩො - ජලාශ සහ වාරිමාර්ග පද්ධති ආශ්රිත පිපිරීම් ආදී මහ පරිමාණ ජල විපත් ආදිය හටගත හැකිබව ටොලමියානු ජ්‍යොතිෂ සිද්ධාන්ත ඇසුරින්පෙන්නුම් කරයි.
ඒ අනුව මැයි මැයි මාසයේ 20 දා සිට ජූනි 01 දා දක්වා වූ දින දොළහ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතුව තිබේ. එයින් ද වඩාත් සැළකිලිමත් වීම වැදගත් වන්නේ මැයි 25- 26- 27- 28- 29- 30- 31 යන දින කිහිපය වේ. එකී දිනවල දී දැඩි වර්ෂාපතනයක් මෙන් ම ජල විපත් බහුල කරවන වාතාවරණයක් ද නිර්මාණය වෙයි.
සමස්තයක් වශයෙන් ගත් කළ මේ කාලගුණ විපර්යාසයට හේතුවන ග්‍රහ චලනයේ ස්ථූල (Macro) සහ ක්ෂූද්‍ර සූක්ෂ්ම( micro) අවස්ථාව යන දෙකම විපරීත තත්ත්වයක පිහිටන හෙයින් ඇතැම් විට අපේක්ෂා කරනවාට වඩා වෙනස් ආකාරයේ විපත් ජලය සහ මහ පොළොව ආශ්‍රිතව හටගැනීමට බෙහෙවින් ම ඉඩ තිබේ. ගංගා - සමුදුරු යනාදියේ සිදුවන යාත්‍රා කිරීම් ද මෙකී පීඩනයට ඉඳුරා ම යටත් වෙයි. ජීවිත සහ දේපළ විනාශය ඍජුවම නිවේදනය කරන හෙයින් ඉහත කී දිනවල ජලය ආශ්රිත කටයුතු කරන අය විශේෂයෙන් පරෙස්සම් විය යුතුව තිබේ.