![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/05/19/bence-ambulance-helicopter.jpg?itok=l_tp5EhE)
දීප ව්‍යාප්ත ගිලන් රථ සේවාවක් ගුවනින් හා ගොඩබිමෙන් නොමිලයේ ක්‍රියාත්මක කිරීම සඳහා ජර්මනියේ ලෝක ප්‍රකට බෙන්ස් සමාගම හා එයාර් බස් සමාගම සූදානම් වෙයි. ස්වභාවික හා හදිසි ආපදා තත්ත්වයකදී රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා ජර්මනියේ එයාර් බස් සමාගම හෙලිකොප්ටර් යානා 24 ක් ලබා දීමට නියමිතව ඇති අතර, රට පුරා දීප ව්‍යාප්ත ගිලන් රථ සේවාවක් සඳහා බෙන්ස් සමාගම ගිලන් රථ 1050 ක් හා හදිසි ආපදා රථ 240 ක් ලබා දීමටත් එකඟ වී ඇත.
ඉන්දිය රජය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කර ඇති නොමිලයේ සේවා සපයන ගිලන් රථ සේවාව මෙන්ම මේ ගිලන් රථ ද ජනතාවට නොමිලයේ සේවා සැපයීමටද අපේක්ෂිතය.