ලේක්හවුස් අමාදහර මෙවරත් | Page 3 | සිළුමිණ

ලේක්හවුස් අමාදහර මෙවරත්

 සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් වාර්ෂිකව පවත්වනු ලබන අමාදහර වෙසක් කලාපය මෙවර මැයි 10 සිට 13 දක්වා ලේක්හවුස් අබියසදී පැවැත්වේ.  මෙය 2017 ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සමගාමීව නවමු මුහුණුවරක් සහිත විශේෂාංග රැසක් ඇතුළුව පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ.

ලේක්හවුස් අමාදහර වෙසක් කලාපයේ මෙවර විශේෂත්වය වන්නේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා එක්ව පවත්වනු ලබන බැති ගී වාදන ප්‍රසංගය පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබීමයි. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික ජනරජයේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 10 වැනිදා අරඹන මේ වෙසක් කලාපය ජනමාධ්‍ය ඇමැති තුමා ඇතුළු මැතිවරුන් රාශියක් සහ ත්‍රිවිධ හමුදාවේ හමුදාපතිවරුන් ඇතුළු විශාල ප්‍රභූන් පිරිසක් සහභාගිවීමට නියමිත ය.

වයස් කාණ්ඩ තුනක් යටතේ පාසල් දරු දැරියන්ට විවෘතව පැවැති රචනා තරග ජයග්‍රාහකයන්ට තිළිණ ප්‍රදානය ද මේ ප්‍රසංගය අතරතුර සිදුවන අතර එය මෙවර අනෙකුත් සුවිශේෂි වැඩසටහන වෙයි‍.

තූර්යවාදක කණ්ඩායම් ප්‍රසංගය වෙසක් පුන් පෝ දින වන මැයි මස 10 වැනිදා සිට 13 වැනිදා දක්වා ලේක්හවුස් මන්දිරය අබියස දී රාත්‍රි 7.30 සිට රාත්‍රි 10.30 දක්වා පැවැත්වෙන අතර එම දින හතරේදීම ප්‍රධාන ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති තුමන් අධ්‍යක්ෂ මණ්ඩලය හා පාලනාධිකාරියේ උපදේශකත්වයෙන් වැඩසටහන් විශේෂ කමිටු දැනටමත් සියලු කටයුතු සූදානම් කර ඇත.

 

Comments