මහනුවර නගරාන්තර දුම්රිය ‍අද දින 7.50ට යයි | සිළුමිණ

මහනුවර නගරාන්තර දුම්රිය ‍අද දින 7.50ට යයි

 කොළඹ ‍කොටුව සහ මහනුවර අතර පෙරවරු 7.00ට ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රිය අද දින (14) පමණක් පෙරවරු 7.50ට ධාවනය කරනු ලබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුමට පැමිණි විශේෂ ආරාධිතයන් රැගත් දුම්රියක් අද (14) උදෑසන මහනුවර බලා ධාවනය වන නිසා මේ පියවර ගත් බවත් පැමිණීමේ දුම්රියේ ධාවන වේලා වෙනසක් සිදු කර නොමැති බවත් දෙපාර්තමේන්තුව පවසයි.

Comments