ලෝක බෞද්ධ බැංකුවක් | Page 2 | සිළුමිණ

ලෝක බෞද්ධ බැංකුවක්

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින ලෝක බෞද්ධ සමුළුවේදී ශ්‍රී ලාංකික හා ලෝක බෞද්ධ වාසීන්ට ඉතා වැදගත් වන යෝජනා තුනක් සම්මත කරගැනීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි. මෙහි පළමු වැන්න ලෙස ලෝක බෞද්ධ ජනතාවට ඉතා වැදගත් වන අන්තර්ජාතික බෞද්ධ බැංකුවක් පිහිටුවීමටත්, එය ශ්‍රී ලංකාවේ පිහිටුවීම සම්බන්ධයෙන් සමුළුවේ අවධානය යොමු කිරීමටත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යෝජනාවක් ලෙස කමිටුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂිතව ඇතැයි වාර්තා වෙයි. සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව නඟාසිටුවීමේ බැංකුව වශයෙන් විශාල මෙහෙයක් මේ හරහා ලබාගැනීමට අපේක්ෂිතය.

මීට අමතරව බෞද්ධ ජනතාවට පමණක් සීමා වූ වෙසක් නිවාඩු දිනය මුළු ලෝක වාසීන්ට බලපාන පරිදි අන්තර්ජාතික නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාවද ගෙන ඒමට අපේක්ෂිතය. තෙවනුව අන්තර්ජාතික බෞද්ධ සන්නිවේදන මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීම පිළිබඳව සමුළුවට සහභාගි වන ලෝක බෞද්ධ නායකයන්ගේ අවධානය යොමු කිරීමටත්, මෙය මහනුවර ප්‍රකාශයට ඇතුළත් කිරීමටත් අපේක්ෂිතව ඇතැයි වාර්තා වෙයි.

Comments