
මේෂ
ආදායම් හා ව්‍යාපාර ක්ෂේත්‍ර ක්‍රමවත් දියුණුවකට පත් වෙයි. රැකියා සඳහා වෙහෙස වන අයට තම තනතුරුවල උසස්වීම් හා තනතුරු බලාපොරොත්තු වන අයගේ අදහස් ඉටු වෙයි. ප්‍රශ්නවලින් ජය ගත හැකිය. දේපළ ගැටලුවක් විසඳී ඉඩම් අලෙවියට, නව නිවාස හා දේපළ මිලදී ගැනීමට සුබදායක වෙයි. දරුවන්ගේ අනාගත දියුණුව හා අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. මංගල යෝජනා ඉදිරිපත් වෙයි. ග්‍රන්ථකරණයේ යෙදෙන අයට නව නිර්මාණ එළිදැක්වීමට අවස්ථාව සැලැසෙයි.
ජය අංකය - 1 සුබ දවස - ඉරිදා
වෘෂභ
පවුලේ අඩුපාඩු රැසක් තුනී කර ගැනීමට හැකි වෙයි. පිය පාර්ශ්වයේ දේපළක් තමන් වෙත පවරා ගැනීමට හැකි වෙයි. අධ්‍යාපන කටයුතුවල නිරත වන අයට ගැටලුවලට මුහුණ පාන්නට සිදු වෙයි. නව පාසල් සඳහා උනන්දු වන අයගේ දුෂ්කරතා වැඩි කරයි. විදේශවල සිටින අයට සුබ පල දෙයි. තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඉතා පරෙස්සම් විය යුතුය.
ජය අංකය - 8 සුබ දවස - බදාදා
මිථුන
හවුල් කටයුතුවලින් තිබූ ප්‍රශ්න රාශියක් නිරවුල් කර ගැනීමට අවස්ථාව සැලැසෙයි. විවාහ දිවි ගත කරන්නන්ට මධ්‍යම පල ගෙන දෙයි. නිවාසවල වෙනසක් මතුකර දෙයි. විනෝදාංශවලට බර දේට හා සංදර්ශන කලා ප්‍රදර්ශනවලට යොමු වීමෙන් ප්‍රසිද්ධිය හා ආර්ථික දියුණුව හිමි වෙයි.
ජය අංකය - 6 සුබ දවස - සෙනසුරාදා
කටක
වෘත්තිය කටයුතුවල උසස් තත්ත්ව හිමි වෙයි. පර්යේෂණ හා තාක්ෂණික කටයුතුවල නිරත වන අයට තම අත්දැකීම් සඳහා විශේෂ සැලකිලි රජයෙන් හෝ එවැනි උසස් ආයතනවලින් හිමිකම් ලැබේ. ස්ථාන ලාබ ඉඩම් හෝ නිවාස ලාබ ලැබේ. නීතිවේදීන්ට, ලේඛකයන්ට, ජනමාධ්‍යකරුවන්ට හා මුද්‍රණ ශිල්පීන්ට විශේෂ වරප්‍රසාද හිමි වෙයි. තම නිර්මාණ සඳහා උපාධි හෝ සම්මාන ලාබ ගෙන දෙයි.
ජය අංකය - 7 සුබ දවස - අඟහරුවාදා
සිංහ
තරග විභාගවලට යොමුවන අයට යහපත් සතියකි. බලවත් දේශපාලන පසුබිම්වලට එක්වීමෙන් නව ආර්ථිකයක් ගොඩනඟා ගැනීමට හැකි වෙයි. දරු පල වාසනා ඇත. විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සිටින සිංහ ලග්න හිමියන්ට ඉතා සුබයි. තම අදහස් ඉටු වේ. තව ද විදේශ අධ්‍යාපන කටයුතුවලට යොමුවීමට අදහස් කරන අයට රජයේ සහාය විදේශ බලපත්‍ර හිමි වීමෙන් සහන රැසක් මතුකර දෙයි.
ජය අංකය - 9 සුබ දවස - සඳුදා
කන්‍යා
ආර්ථික වර්ධනයක් උදා කරයි. නව නිවාස ගොඩ නැංවීමට අවස්ථාව සැලැසේ. එසේ ම ලීදඬු අලෙවි කරන අයට ගෘහ නිර්මාණ භාණ්ඩ අලෙවිකරුවන්ට සුබදායක වෙයි. සංචාරක කටයුතුවල නිරත වන අයට උසස් දියුණුවක් සමඟ ලාබ හිමි වෙයි. වාහන ලාබ ඇත. බර වාහනවල සේවා කරන අය පරෙස්සම් විය යුතුය. ගමන් බිමන්වලදී වැටීම් තැලීම් අනතුරුවලට ඉඩ යෙදෙයි.
ජය අංකය - 4 සුබ දවස - බ්‍රහස්පතින්දා
තුලා
සමාජයේ කැපී පෙනෙන කාලයක් උදා වේ. යටපත්ව සැඟවී සිටි කාලය ඉවත්ව ඉදිරියට පියවරක් ගැනීමට අවස්ථාව සැලැසෙයි. විරෝධතා දක්වන අයකුගේ ගැටලුවක් හෝ චෝදනාවක් නිසා අවුල් වැඩි කරයි. පසුව ක්‍රමයෙන් තුනී වී යනු ඇත. ඉඩම් ලාබ හා නිවාස ලාබ හිමි වේ. වගා කටයුතුවල නිරත වන්නන්ට සුබදායක වසරකි.
ජය අංකය - 2 සුබ දවස - ඉරිදා
වෘශ්චික
මහා සටනකට මැදි වීමෙන් නීතිමය ප්‍රශ්නයක් විසඳාගත හැකි වෙයි. සතුරු බාධක වරින්වර මතු වුවද ඒවා අබිබවා ඉදිරියට යාමට අවස්ථාව ගොඩනැඟෙයි. ඥාතින් හා අසල්වැසියන්ගේ සබඳතා වැඩි වෙයි. සමාජ සේවාවල නිරත වන අයට රජයෙන් විශේෂ වරප්‍රසාද හිමි වෙයි.
ජය අංකය - 5 සුබ දවස - බදාදා
ධනු
පවුලේ ප්‍රශ්නවලට තද බාධක මතු කරයි. නව ව්‍යාපාර දියුණුව හවුල් කටයුතු වර්ධනයකට හේතු වේ. සහෝදර සහෝදරියන්ගේ සහාය තුළින් නව යෝජනා ගෙන දෙයි. රැකියා හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ විසිතුරු භාණ්ඩ අලෙවි කරන්නන්ගේ ආදායම් ඉහළ යයි. ග්‍රන්ථකරණයේ යෙදෙන අයට යහපත්ය.
ජය අංකය - 1 සුබ දවස - අඟහරුවාදා
මකර
තම වැඩිමහලු සහෝදරයන්ගේ ව්‍යාපාරයකට හවුල් වීමෙන් උසස් ආර්ථිකයක් ගොඩනඟා ගැනීමට හැකි වෙයි. හවුල් වැඩ කටයුතුවල ප්‍රශ්න මතු වීමෙන් තමන්ගේ උත්සාහයෙන් නව වැඩ කොටසක් පෞද්ගලිකව ඇරැඹීමට අවස්ථාව උදා කරයි.
ජය අංකය - 8 සුබ දවස - සිකුරාදා
කුම්භ
බුද්ධිමත් විය යුතුයි. නව ව්‍යාපාරයක් ගොඩනැඟීමට හැකි වුවත් එයින් සිතූ පරිදි ලාබ හා පාරිභෝගික සහන අඩු වන තත්ත්ව මතුකර දෙයි. පෙම් සබඳතා ගොඩනැඟීමට බලාපොරොත්තු ඇතිව හැසිරෙන අය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. දරු ඵල බලාපොරොත්තු වන අයට අවස්ථා සැලැසේ. වාසනාවන්ත දරු උපත් සිදුවීමට හේතු වෙයි.
ජය අංකය - 4 සුබ දවස - සඳුදා
මීන
යුග දිවි ගත කරන අයට නව ජීවන රටාවක් ගොඩනඟා ගැනීමට අවස්ථා සැලැසෙයි. දරුවකුගේ උසස් දියුණුවක් සඳහා විදේශ ගතවීමට බලාපොරොත්තුවෙන් සිටින අයගේ අපේක්ෂාවන් ඉටු වෙයි. කෘෂිකර්ම හා සංවර්ධන කටයුතුවල නිරත වුණ අයට හා දේශපාලන ක්ෂේත්‍රවල නියුතු අයට සතුරු හා විරෝධතා මතුවිය හැකිය. පෙම් සබඳතා වර්ධනය වෙයි.