
වෙසක් පොහොය අන්තර්ජතික නිවාඩු දිනයක් කිරීම වෙනුවෙන් උර දුන්නන්ට උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා පැවැත්විණි. මහනුවර ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් දහම් පාසල් 84ක ප්‍රධානත්වයෙන් එය සංවිධානය කෙරිණි. මෙහිදී වෙසක් පොහොය අන්තර්ජතික නිවාඩු දිනයක් කිරීම වෙනුවෙන් මහඟු කාර්යභාරයක් ඉටු කළ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ හිටපු මහානායක උඩුගම සද්ධර්ම කීර්තිශ්‍රී බුද්ධරක්ඛිතාභිදාන මාහිමිපාණන් වහන්සේටත්, එවකට හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදීර්ගාමර් මැතිතුමාටත්, එවකට හිටපු විදේශ කටයුතු පිළිබඳ නියොජ්‍ය ඇමැති වත්මන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාටත් මහනුවර පුෂ්පදාන විද්‍යාලයේදී උපහාර පුදනු ලැබීය. මල්වතු විහාරීය ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික මහෝපාධ්‍යාය අලුත්ගම ශ්‍රී ධම්මානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මේ අවස්ථාවට ගිහි-පැවිදි විශාල පිරිසක් සහභාගි වූහ.
සුගන්ධි ආරියරත්න