පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අලුත් අවුරුදු උත්සව සමයෙන් පසුව සුළුතර දේශපාලන පක්ෂ කිහිපයක නායකයන් ජනපති හා අගමැති හමුවීමේ සූදානමක් ඇතැයි එම පක්ෂයක ප්‍රකාශකයෙක් පවසයි.
නව මැතිවරණ ක්‍රමයක් යටතේ මැතිවරණය පැවැත්වීම කල් ගත වන තත්ත්වයක් යටතේ මහජන විශ්වාසය පළුදු වීමක් සිදු වන හෙයින් දැනට තිබෙන ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණය...
මැතිවරණය පැවැත්වීම ප්‍රායෝගික වන බව ඔවුන්ගේ අදහසයි.
එමෙන්ම නව මැතිවරණ ක්‍රමය පුළුල් සාකච්ඡාවකට ලක් කිරීමෙන් පසු එය ක්‍රියාත්මක කළ යුතු වන හෙයින් මැතිවරණ ප්‍රමාදය වැළැක්වීමට එක ම විසඳුම පවතින ක්‍රමයට අනුව මැතිවරණය පැවැත්වීම බව ඔවුහු ප්‍රකාශ කරති. මේ සඳහා දිනයක් වෙන් කරගැනීමට දේශපාලන පක්ෂ කිහිපයක් කටයුතු කරගෙන යයි.