පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 12 වැනි බදාදා දින කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 13 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 02.04 ට හෙවත් අප්‍රේල් මස 14 වැනි සිකුරාදා දින පූර්වභාග 02.04 ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වැනි බ්‍රහස්පතින්දා අපරභාග 07.40 සිට අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පූර්වභාග 08.28 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි බ්‍රහස්පතින්දා දින අපරභාග 07.40ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් 13 වැනි බ්‍රහස්පතින්දා, අපර භාග 02.04 දක්වා පහත දැක්වෙන පරිදි ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර විධි ඉටු කිරීම ද මැනව.
ආහාර පිසීම
අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පූර්වභාග 05.41 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප බැඳ ගිනි මොළවා ගිතෙල් හා හකුරු මිශ්‍ර කිරිබතක් ද, අග්ගලා සහ කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පූර්වභාග 07.05 ට සුදු නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
හිස තෙල් ගෑම
අප්‍රේල් මස 15 වැනි සෙනසුරාදා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී පූර්වභාග 11.04 ට උතුරු දිශාව බලා හිසට නුග පත් ද, පයට කරඳ පත් ද, තබා නුගපත් යුෂ මිශ්‍ර නානු ද, තෙල්ද ගා ස්නානය කිරීම මැනවි.
රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17 වැනි සඳුදා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරි මිශ්‍ර කිරිබත් හා කැවිලි වර්ගයක් අනුභව කර පූර්වභාග 06.28 ට උතුරු දිශාව බලා පිටත් වීම මැනවි.