
ඩොනල්ඩ් ජයන්ත
ඩොනල්ඩ් ජයන්ත හා සිංහල සිනමාව ගසට පොත්ත මෙනි. අද ඔහු සිනමාවට නැතිවම බැරි ප්‍රවීණයෙකි. සහාය අධ්‍යක්ෂවරයෙක්, අධ්‍යක්ෂවරයෙක් ලෙස ඔහු ආ ගමන්මඟ දෙතිස් වසරකි. ඒ දෙස බලා සැනසෙන්නට ඔහුට ඕනෑවටත් වැඩිය කරුණු කාරණා ඇත. මේ ඔහුගේ කතාවයි.
ඔබ කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නට අදහස් කලේ ඇයි ?
මම මීට වසර තිහකට පෙරයි කලා ක්ෂේ‍්‍ත්‍රයට සම්බන්ධ වුණේ. මගේ ගම මාතර කොටපොළ. මම පාසල් ගියේ කොටපොළ ජාතික පාසලටයි. පාසල් යන කාලයේ සිටම සිනමාවට හුඟාක් ආදරය කළා. ඒ කාලේ පුදුම චිත්‍රපට පිස්සුවක් තිබුණේ. සත පනස් පහක් සොයාගෙන ගැලරියේ ටිකට් එකක් අරගෙන දෙනියාය, මාතර සිනමා ශාලාවල නිවාඩු දිනවල 10.30, 2.30 6.30 යන දර්ශන වාර තුනම ගාමිණි, මාලනී, විජේ ඉන්නා චිත්‍රපට නරඹනවා. මම හුඟක් ගාමිණි, මාලනී, විජේ යන තුන් දෙනාටම ආදරය කළා. ඒ වගේ ඒ තිදෙනා සිටින චිත්‍රපට වැඩියෙන් නැරඹුවා. පාසල් යන අවධියේ ඔවුන් රඟපාන චිත්‍රපට චරිත පාසල් ළමුන්ට පෙන්වා ගුරුවරුන්ගෙන් ගුටි කෑ වාර අනන්තයි. අප්‍රමාණයි. නමුත් මගේ එකම අධිෂ්ඨානය වූයේ කවදා හෝ දවසක මං ආදරය කරන සිංහල සිනමාවේ ගාමිණි, මාලනී සහ විජේ යන තුන් දෙනා දැකබලා ගන්න, ඔවුන් එක්ක කතා බහ කරන්න. ඔවුන් එක්ක රඟපෑමටයි.
සිනමාවට සම්බන්ධ වු අතීතය මතකද?
ඇත්තටම. ඒ කාලෙ මම කැමති චිත්‍රපට අධ්‍යක්‍ෂවරු තමයි ලෙනින් මොරායස්, ජේ. සෙල්වරත්නම්, නීල් රූපසිංහ යස පාලිත නානායක්කාර . මට රඟපාන්න අවස්ථාවක් දෙන්න කියලා ඔවුනට මම ලිපි ලිව්වා. නමුත් මට අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් මං මගේ උත්සාහය අත් හැරියේ නැහැ. මගේ අම්මා අඳුරනවා ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ ඒ වගේම චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයකු වූ අප අතරින් වීයෝ වූ ධර්මසිරි ගමගේ මහතා. එතුමාගේ මාර්ගයෙන් මට සිනමාවට සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබුණා. මම පාසලෙන් සමුගෙන 1983 කොළඹ ආවා. ධර්මසිරි ගමගේ මහතා ඇසුරින් රංගනය ප්‍රගුණ කරන්න හැකි වුණා. ලූෂන් බුලත්සිංහල මහතා අධ්‍යක්‍ෂණය කළ 'එක මවකගේ දරුවෝ' යන ටෙලි නාට්‍යයට තමයි මම ඉස්ඉස්සරෝම රංගනයෙන් දායක වුණේ. ඉන්පසු ළාහිරු දහසක්, යසෝරාවය යන ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වීමට අවස්ථාවක් ලැබුණා. 1985 වසරේ නීතිඥ අශෝක සේරසිංහ මහතා අධ්‍යක්‍ෂණය කළ 'රැකවරණය' ටෙලි නාට්‍යයෙන් තමයි මම සහාය අධ්‍යක්ෂණකවරයෙක් ලෙස කලඑළි බසින්නේ. ඉන්පසු ටෙලි නාට්‍ය කිහිපයක් මම සහය අධ්‍යක්ෂණය කළා.
ඔබට සිනමාවේ මෙපමණ දුරක් ආ ඔබ ඒ ගැන නැවත හැරී බලද්දී සිතෙන්නේ කුමක්ද?
මම කොළඹ නැවතී චිත්‍රපට රූපගත කරන තැන් සොයා ගියා. එහෙම ගිහින් රඟපෑමට අවස්ථාව ඉල්ලූ වාර අනන්තයි. නමුත්, මට කිසිම දවසක චිත්‍රපටයක රඟපෑමට අවස්ථාව ලැබුණේ නැහැ. ඉන්පසු ධර්මසිරි ගමගේ මහතා අධ්‍යක්‍ෂණය කළ 'පූජා’ චිත්‍රපටයේ රඟපෑමට වගේම ප්‍රවීණ සහය අධ්‍යක්‍ෂකවරයෙකු වන අයි.එන්. හේවාවසම් මහතා යටතේ ඔහුගේ දෙවන සහය අධ්‍යක්‍ෂකවරයා වශයෙන් කටයුතු කිරීමට අවස්ථාවක් උදා වුණා.
පූජා චිත්‍රපටයේ මුහුරත් උළෙලේ දී තමයි කොළඹට ඇවිත් වසර හතරකට පසු මගේ ප්‍රියතම රංගන ශිල්පීන් වූ ගාමිණි, මාලනී, විජේ යන තුන් දෙනාව දකින්න, ඔවුන් සමඟ කතා කරන්න, රඟපාන්න ලැබුණේ. ධර්මසිරි ගමගේ මහතා විසින් ගාමිණි ෆොන්සේකා මහත්මයාට මාව හඳුන්වා දුන්නේ ‘‘මේ මගේ දරුවෙක් ඔයාට ගොඩාක් ආදරෙයි’’ කියලා. ඊට පසු ගාමිණි මහතා මගෙන් ඇසුවා මේ චිත්‍රපටයේ තමුන්ගේ වෘත්තිය මොකක් ද කියලා.
මම කිව්වා මේකේ පොඩි චරිතයක් රඟපානවා ඒ වගේම දෙවැනි සහය අධ්‍යක්‍ෂකවරයා ලෙස කටයුතු කරනවා කියලා. පසුව ගාමිණි මහතා මගේ කරට අත දාගෙන මෙහෙම කිව්වා. ‘‘අයිසේ සහය අධ්‍යක්‍ෂකවරයෙක් වශයෙන් කටයුතු කරනවා නම් හොඳ බුද්ධියක්, කැපවීමක් සහ ඉවසීමක් තියා ගන්නවා නම් හොඳ ගමනක් යන්න පුළුවන් කියලා’’. ඔවුන්ගෙන් ලද අවවාද මට මහත් ශක්තියක් සහ ආශිර්වාදයක් වුණා. මං පූජා චිත්‍රපටයේ ගොඩක් ආසාවෙන් වැඩ කටයුතු කළා.
මගේ සිනමා දිවියේ කුළුදුල් දරුවා තමයි පූජා චිත්‍රපටය. ඉන්පසු මට ප්‍රධාන සහය අධ්‍යක්‍ෂකවරයා වශයෙන් 1988 ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්‍ෂණය කළ ‘දැහැන’ චිත්‍රපටයේ කටයුතු කිරීමට අවස්ථාව ලැබුණා. ඉන්පසු මා හට චිත්‍රපට 54 ක සහය අධ්‍යක්‍ෂකවරයා වශයෙන් කටයුතු කළා.
සිංහල සිනමාවේ වැඩිම චිත්‍රපට ගණනක සහය අධ්‍යක්‍ෂකවරයා වශයෙන් කටයුතු කිරීමට ඇගයීමක් වශයෙන් දක්‍ෂ සම්මානයෙන් පිදුම් ලැබුවා. තවත් සම්මාන කිහිපයක් මා ලැබූ අතර, කලාශූරී, දේශමාන්‍ය ලංකා පුත්‍රයා ගෞරව සම්මානයෙන් ද පිදුම් ලැබුවා. අතීතයේ දී මම ආදරය කළ රංගන ශිලපීන් සමඟ ළඟින් ඇසුරු කිරීමට මට අවස්ථාව ලැබුණා.
ඔබගේ තිස් වසරක සිනමා දිවියේ බාධක, කම්කටොලූ, හමුවේ සිනමාව අතහැර දමා යන්නට ද සිතුණු අවස්ථාත් ඇති නේද?
ඇත්තටම ඔව්. මේ සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිපදෙනෙක් මාව පසු බෑමට ලක් කළා. ගමෙන් ආපු කෙනෙක් සිනමාවට ගැළපෙන්නේ නෑ කියලා. නමුත්, මං ඒ සියලූ දේ විඳ දරාගෙන ඉදිරියට ආවා. එදා මාව විවේචනය කරපු අයත් මේ වන විට මා සහය අධ්‍යක්‍ෂණය කරපු චිත්‍රපට සඳහා දායක කර ගැනීමටත් මට හැකිවුණා.
ඔබ මෙතෙක් කළ නිර්මාණ ගැන සෑහීමකට පත් වෙනවාද ?
අනිවාර්යෙන්ම සෑහීමකට පත් වෙනවා. නමුත්, මට සිනමාව පිළිබඳව තව බොහෝ දේ ඉගෙන ගැනීමට තිබෙනවා. මා එදා වින්ද දුක් ගැහැට මතක් වන විට අද මා සිටින තැන පිළිබඳව සතුටු වෙනවා. මෙකද මම එහෙම කියන්නේ එදා ගාමිණි , මාලනී, චිත්‍රපට බලනකොට ෙප්‍ර්ක්ෂකයෝ විසිල්, අත්පුඩි ගහ ගහයි චිත්‍රපට නැරඹුවේ.
මා අධ්‍යක්‍ෂණය කළ ප්‍රවේගය සහ මායා යන චිත්‍රපට දෙකේදීම මා සිනමා ශාලාවලට යන කොට ෙප්‍ර්ක්ෂකයෝ විසිල්, අත්පුඩි ගහමින් චිත්‍රපටය නරඹන විදිහ මා මගේ ඇස් දෙකෙන්ම දුටුවා. ඒ සිනමාහල්වල කළමනාකරුවන් පවා මට පැවසුවා වසර 30 කට පසුයි මේ විදිහට ෙප්‍ර්ක්ෂකයෝ අත් පුඩි, විසිල් ගහන චිත්‍රපට දැක්කේ කියලා. ඉතින් මට පුදුම සතුටක් ඇති වුණා.
ඔබේ පවුලේ තොරතුරු කොහොමද?
මගේ බිරිඳ මංගලිකා නාගොඩවිතාන. මට දියණියන් දෙදෙනෙක් සිටිනවා. නිමේෂා නෙත්මිනි 10 වැනි වසරේත් උමේෂා උදේශානි 3 වැනි වසරේත් නුගේගොඩ සමුද්‍ර දේවි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබනවා.
ඉදිරියේ දී ඔබගේ අලූත් නිර්මාණ මොනවා ද?
මම හිතන විදිහට නිර්මාණයක් බිහි කිරීම හරියට දරුවකු බිහි කිරීම වගේ කාර්යයක්. ඒ සඳහා දරුවා මව් කුස තුළ පිළිසිඳ ගත යුතුයි. අනතුරුව කලලය. කුස තුළ වැඩිය යුතුයි. උපතට පෙර විලි රුදාව ඇති විය යුතුයි. අවසානයේ දරුවා මව නොමරා උපදින සෞඛ්‍ය සම්පන්න දරුවකු විය යුතුයි.
සැබෑ වුවමනාවකින් තොරව බිහිවන නිර්මාණ මම දකින්නේ මව මරා උපදින අංගවිකල දරුවන් ලෙසිනි. ඒ නිසා මම තවදුරටත් සහය අධ්‍යක්‍ෂකවරයකු ලෙස කටයුතු කරමින් අත්දැකීම් එකතු කර ගැනීමට කැමතියි. ඒ තුළින් මා ලබන්නේ අසීමිත ආත්ම තෘප්තියක්. නමුත්, එයින් මං අදහස් කරන්නේ නැහැ මම චිත්‍රපට අධ්‍යක්‍ෂණය නොකරනවා කියලා.
මගේ එකම බලාපොරොත්තුව තමයි චිත්‍රපට 100 ක සහය අධ්‍යක්‍ෂකවරයෙක් වශයෙන් කටයුතු කිරීම. මායා, ප්‍රවේගය නිෂ්පාදනය කළා වගේ හොඳ නිෂ්පාදකවරයෙක් හමුවුවහොත් තව චිත්‍රපට අධ්‍යක්‍ෂණය කිරීමට බලාපොරොත්තු වෙනවා.
ජීවිතේ අමතක නොවන අත්දැකීම් මොනවාද?
මගෙ ජීවිතයේ අමතක නොව සිදුවීම් කිහිපයක්ම තිබෙනවා. ඒ අතර පූජා චිත්‍රපටයේ වැඩ කරද්දී පෝරකයේ දර්ශනයක් රූගත කළා. එතැන දී මට හිතුණා පෝරකයේ කඹය මගේ බෙල්ලට දාගෙන පින්තූරයක් ගන්න. මම කඹය බෙල්ලට දා ගත්තා විතරයි. එතැන සිටි මේකප් ආටිස්ට් රංජිත් මතඟවීර එහි ලිවර් එකට පයින් ගැහුවා.
ලෑල්ලත් එක්කම කඩාගෙන මාව බිමට වැටුණා. අනූනමයෙන් තමයි මගේ ජීවිතේ බේරුණේ. තවම ඒ තුවාල කැලල මගෙ කකුලෙ තිබෙනවා. තවත් දවසක බහුභාර්යා චිත්‍රපටය කරන්න ගිහින් මට සංගීතව ගලක් උඩට ඔසවාගෙන යන දර්ශනයක් රූගත කරන්න තිබුණා. අඩි 100ක් පමණ උසයි.
ලණුවක් ඉහළ පඳුරක ගැටගහලා සංගීතාවත් ඔසවාගෙන දැන් මම උඩට යනවා. කොහොම හරි නැගලා අවසන් වෙන්න ඔන්න මෙන් තියෙන කොට මට දැනෙනවා කඹේ බුරුල් කියලා. බලන කොට පඳුර ගැලවිලා. එයත් අනු නවයෙන් මම බේරුණූ අවස්ථාවක්. මේ වගේ ජීවිතේ ලබපු අමතකනොව අත්දැකීම් රැසක් තිබෙනවා.