
නවීකරණය කළ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ අන්තර්ජාතික ගුවන් ගමන් කටයුතු මෙම 6 වැනිදා සිට සාමාන්‍ය පරිදි සිදුකෙරේ.
ධාවන පථයේ සංවර්ධන කටයුතු නියමිත පරිදි මේ මස 5 වැනිදා වන විට සම්පූර්ණයෙන්ම අවසන් කෙරේ.
සංවර්ධන කටයුතු වෙනුවෙන් ජනවාරි මස 6 වැනිදා සිට ගුවන් ගමන් සීමා කොට තිබූ නමුත් ලබන 6 වැනිදා සිට පෙර පරිදි නියමිත කාල සටහනට අනුව ගුවන් ගමන් මෙහෙයුම් සිදු කෙරේ.