
ලෝකයේ බොහෝ සිදුවීම් සඳහා නොයෙක් ශක්ති ස්වභාවයන් සහ එම ශක්ති ගලන ස්වභාවයන් පවතින බව නොයෙක් ගුප්තමය ශක්තීන් විද්‍යාත්මකව අධ්‍යයනය කරන්නන් පවා අද පිළිගෙන ඇත. ඒ සියලු සිදුවීම් ඉතා සියුම්ව පරීක්ෂා කරන විට මේ සියල්ල යම් ගණිතමය රටාවකට අනුව සිදුවන බව ඉතා හොඳින් අධ්‍යයනය කළ හැකිය.
මෙම ක්‍රම රටාව ඉතා හොඳින් අධ්‍යයනය කිරීම තුළින් එහි ස්වභාවය තේරුම් ගැනීමට හැකිනම් එම ශක්තීන් හි ප්‍රයෝජන ගැනීම සිදුකළ හැකිය.
අද අපි සාකච්ඡා කරණුයේ සඳ ගමන සඳහා බලපෑ ගුප්තමය ශක්ති ස්වභාවයන් අංක විද්‍යාත්මකව පැහැදිළිවන ආකාරය පිළිබඳව ය. සැබවින්ම මෙහි ගැළපීම විශ්මයජනකය.
අංක විද්‍යාවට අනුව සඳු නියෝජනය කරන අංකය අංක 2 වන අතර අංක 7 හි බලය ද නැප්චූන් ග්‍රහයාට අමතරව සඳු ග්‍රහයා හිමිකරගනු ඇත. එමනිසා සෑමවිටම සඳුගේ අංකමය ශක්තිය 2-7 ලෙස දක්වනු ලැබේ. එනම් ඕනෑම මාසයක 2, 11, 20, 29 දින අංක 2 ට අයත්වන අතර 7, 16, 25 අංක අංක 7 ට අයත්වෙයි. මෙහි අංක 2-7 හි ශක්තිය සහ සඳ ගමනෙහි සාර්ථකත්වය කෙරෙහි අතිශයින් බලපා ඇත.
මේ සඳහා යොදාගත් Apollo 11 යානය සලකා බලන කල Apollo යන්නෙහි චෝල්ඩියන් අගය 29 කි. (චෝල්ඩියන් ගණනය කිරීම් පිළිබඳ ලබන සතියේ දී සාකච්ඡා කරනු ලැබේ.) මෙහි තනි අගය 2 ය. තනි අගය යනු සියලු ඉලක්කම් එකතුකර ලැබෙන පිළිතුරය. 29 හි තනි අගය ලබා ගැනීම සඳහා 29 හි 2 සහ 9 එක් කරන්න එවිට පිළිතුර 11 කි. දැන් නැවත. 11 හි 1 නැවත 1 ට එකතු කරන්න. පිළිතුර ලෙස අංක 2 ලැබේ. මෙහි ඇපලෝ 11 ලෙස ගත්විට ඇපලෝ මෙහෙයුමේ 11 වන යානය මෙය ය. නැවත 11 හි තනි අගය අංක 2 ට යෙදී ඇත.
මෙම යානය 1969.07.16 දින සඳ වෙත ගමන් ඇරඹූ අතර 16 යනු 1+6=7 ය. මාසය ද 7 ට පැමිණ ඇත. තවත් විශේෂත්වයක් නම් ජුනි 20 සිට ජුලි 21 දක්වා කාලය අංක විද්‍යාවට අනුව අංක 2 ට අයත් කාලසීමාවක් වීමයි. වසර සලකා බලනවිට 1969 යන්න තනි අගයට ගත්විට ලැබෙන පිළිතුර ද 7 කි. (1+9+6+9=25 නැවත 25 හි අංක එකතු කරන්න. 2+5=7)
මෙම යානය සඳමත ගොඩබැස්වීම සහ ප්‍රථමයෙන් සඳ මත පා තැබීම සිදුවූයේ 1969.07.20 දින වන අතර එහිද 20 යනු 2 ය. මාසය ද, වසර ද පෙර කියූ පරිදි සඳුටම අයත් ය. මෙහි දිනය, මාසය සහ වසර යන සියල්ල තනි අංකයක් එනතුරු එකතු කළ ද ලැබෙන පිළිතුර 7 ය. දශක වශයෙන් ගත්තද මෙය 1960 දශකය තුළ සිදුවී ඇත. එහිද එකතුව 7 කි.
මෙහි පුදුම සහගත තවත් දෙයක් නම් මෙම චාරිකාව සඳහා සම්බන්ධ වුණු නීල් ආම්ස්ට්‍රෝං, මයිකල් කොලින්ස් සහ එඩ්විං ඕල්ඩ්‍රිං යන තිදෙනාගේම දෙවන අභ්‍යාවකාශ ගමන මෙය වීමය. සැබවින්ම යානයේ තිදෙනෙක් ගමන් කළ ද සඳ මත පා තැබීමට හැකිවූයේ ද දෙදෙනෙකුට පමණි.
මේ සියලු ගැලපීම් සලකා බලන කල විශ්ව ශක්ති පද්ධති චලන ස්වභාව කියැවීම සඳහා අංක විද්‍යාව ඉතා ප්‍රයෝජනයට ගත හැකි බව ඔබට මනාව පසක් වනු ඇත.
මෙම ශක්තීන් පිළිබඳ ඉගෙනීමට කැමති ඔබට අංක පිලිබඳ ලෝකයේ ඉතා උසස් කරුණු ඇතුලත් ග්‍රන්ථයක් ලෙස සැලකෙන කයිරෝ විද්වතාණන්ගේ The book of numbers කෘතියෙහි සිංහල පරිවර්තනය අංක විද්‍යා සහ හස්තරේඛා විශාරද ෆේට්‍රෝ සංගමයේ නිර්මාතෘ වෛද්‍ය බන්දුල සිරිවර්ධන මැතිඳුන්ගේ පරිවර්තනයෙන් 2017.04.09 දින ප.ව. 2 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාර ශාලාවේ දී දොරට වඩින බව ඉතා සතුටින් සිහිගන්වා සිටිමි.