කළුතර එතනමඩලේදී බන්ධනාගාර බස් රථ දෙකකට වෙඩි තබා පාතාල නායක සමයං ඇතුළු පාතාලයේ පස් දෙනකු ඝාතනය කළ කණ්ඩායමේ ප්‍රබල නායකයන් දෙදෙනා විදේශ රටවලට පැනගොස් ඇති බවට තොරතුරු හෙළිවීමත් සමඟ ඔවුන් සිටිනා තැන් සොයා බැලීමට අන්තර්ජාතික පොලිසියේ සහාය ලබාගැනීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර ඇත.
සමයං ඝාතනය සිදු කළේ අංගොඩ ලොක්කා, මාකඳුර මධූෂ් හා අතුරුගිරියේ ලඩියා යන පාතාලයන් තිදෙනාගෙන් සැදුම් ලත් කණ්ඩායමක් විසිනි.
මේ ඝාතනයට සම්බන්ධ වූ බව කියන බත්තරමුල්ලේ බන්ටි නමැති පාතාල නායකයා පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් ඉකුත්දා කතරගම දී අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සමයං මරා දැම්මේ සුලමුල හෙළිකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් විය. ඒ අනුව සමයං ඝාතනය සිදු කළ අංගොඩ ලොක්කා හා අතුරුගිරියේ ලඩියා බෝට්ටු ආධාරයෙන් පිටරටකට පැන ගිය ඔහු බව කියා සිටියේ ය.
මේ පිළිබඳ අදහස් දැක්වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය පොලිස්පති ලතිෆ් මහතා කියා සිටියේ මොවුන් පිලිපීනයට හෝ ඉන්දුනීසියාවට පැන යන්නට ඇති බව සැක කරන බවයි. ඒ අනුව ඔවුන් සිටින රට සොයා ගැනීම සඳහා මේ දිනවල ක්‍රියා කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේ ය.
කෙසේ වෙතත් මාකඳුරේ මධුෂ් සමයං ප්‍රහාරයට පැමිණ නැති අතර ඔහු ඒ වන විට සිට ඇත්තේ ඩුබායිහි බවට තොරතුරු ලැබී තිබේ. සමයං ඝාතනය කිරීමෙන් පසු අංගොඩ ලොක්කා හා ලඩියා නමැති පාතාලයන් බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට ගෙන්වා ගෙන ඇති මධුෂ් ඉන්පසුව ඔවුන් පිලිපීනයට හෝ ඉන්දුනීසියාවට රැගෙන යන්නට ඇතැයි මේ වනවිට ලැබුණු බුද්ධි අංශ තොරතුරු වාර්තා කරයි.
අංගොඩ ලොක්කා හා මාකඳුරේ මධුෂ් එක්ව සමයං නැමැති පාතාල නායකයා ඝාතනය කරන්නට මුලින් ම සැලසුම් සකස් කර තිබුණේ කළුතර බන්ධනාගාරය තුළදීම ය. එහෙත් එය ඉතා අවදානම් ක්‍රියාවක් වන හෙයින් සමයං යළි කඩුවෙල බන්ධනාගාරය වෙත ගෙන එන දවසේදී මේ ප්‍රහාරය සිදු කිරීමට ඔවුන් සැලසුම් කර ඇත. ප්‍රහාරයෙන් පසු අංගොඩ ලොක්කා හා ලඩියා නමැත්තන් දිවයිනෙන් පිටමං කිරීමේ කර්තව්‍යය සිදු කිරීමට මධුෂ් මේ දෙදෙනාටම පොරොන්දුවක් ද දී තිබිණි.
බන්ධනාගාර බසයට ප්‍රහාරය එල්ලකොට, ඒ තුළ සිටින සමයං නමැති පාතාල නායකයා ජීවග්‍රහණයෙන් රැගෙන ගොස් අතරමගදී ඔහු ගෙල කපා එය අතුරුගිරියේ බණ්ඩා මරා දැමූ සොහොනේ රැඳවීම මොවුන්ගේ අරමුණ වී තිබිණ.
එහෙත් ප්‍රහාරය ඇරඹි මොහොතේ ඒ සඳහා රැගෙන ගියහ. අමතක වීමෙන් පැමිණි වෑන් රථයේ දැමීම නිසා එම ක්‍රියාව සිදු කිරීමට නොහැකි වී තිබිණ.
ප්‍රහාරය සිදු කරන්නට කලියෙන් දිනයක අතුරුගිරියේ රබර් වත්තකට එකතුව මොවුන් ප්‍රහාරය සැලසුම් කර තිබිණි. ඒ සඳහා වෑන් රථයක් කොල්ලකෑ බව ද ලඩියාට අයත් ඩබල් කැබ්රියක් යොදා ගැනීමට ද තීරණය කර තිබේ. සමයං රැගත් බන්ධනාගාර බස් රිය ගමන් කරන මාර්ගයේ හරස් කොට ඩබල් කැබ් රිය නතර කිරීමට තීරණය කර ඇති ඔවුන් කැබ්රිය හඳුනාගත නොහැකි අන්දමට එතුළ තැඹිලි වලු කිහිපයක් ද තබා ඇත.
මේ සඳහා ටී පනස් හය ගිනි අවි මෙන් ම පිස්තෝල ද ගෙනවිත් දී ඇත්තේ අංගොඩ ලොක්කා විසිනි. කෙසේ වෙතත් අංගොඩ ලොක්කා හා ලඩියා පැන ගිය ද ප්‍රහාරයට පැමිණි සෙසු පිරිස නම් වනවිටත් දකුණේ ඈත ගම්වල සැඟව සිටින නිසා ඔවුන් කොටු කර ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇත.
සැකකාර බන්ටි නමැත්තා තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී ඇති අතර, ඔහුගේ ජංගම දුරකථනය පිරික්සීමේදී ප්‍රහාරයෙන් පසු අංගොඩ ලොක්කා සමඟ පැවැත්වූ දුරකථන සංවාද කිහිපයක් ද පොලිසියට හඳුනාගත හැකි වී තිබේ.