සියලු ජාතීන් එක්ව ආගමික උත්සව සැමරීම වැදගත් | සිළුමිණ

සියලු ජාතීන් එක්ව ආගමික උත්සව සැමරීම වැදගත්

ඒකීය ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ගොඩනැඟීම සඳහා ආගමික සංහිඳියාව පමණක් නොව විවිධ ජනවර්ග අතර සංහිඳියාවක් අවශ්‍ය බවත්, එය ගොඩනැඟීම සඳහා තම රජය කැපවෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මරදාන, සුදුවැල්ල ශ්‍රී අභය විජයාශ්‍රමයේ අභිනවයෙන් ඉදිකළ අඩි 33ක් උසැති කොළඹ නගරයේ උසම අවුකන අනුරූ ප්‍රතිමාවේ කොත නිරාවරණය කරමින් අගමැතිවරයා මෙසේද කීය.

“රටක් ලෙසට ඉදිරියට යාමට නම් ආගමික හා ජනවර්ග අතර සංහිඳියාව අවශ්‍ය වෙනවා. ජාතිවාදය, ආගම්වාදය භාවිතා කරමින් දේශපාලනය සිදුකරන්නේ බංකොලොත් දේශපාලනඥයන්, ශ්‍රී ලාංකිකයන් බහුතරයක් බෞද්ධයන් වුවත් අපි අන් අයගේ ආගම්වලටත් ගරු කළ යුතුයි. වෙසක් උත්සවයට දන්සල් දෙන්නේ සිංහල බෞද්ධයින් පමණක් නෙමෙයි.

එමෙන්ම වසර 150 පමණ පැරණි සිද්ධස්ථානයක් වන සුදුවැල්ල ආ‍ර්නෝල්ඩ් රත්නායක මාවතේ බෝධීන් වහන්සේ අද පූජනීය ස්ථානයක් බවට පත්වෙලා. ප්‍රතිමාව විවෘත කිරීමේ පින්කමට ‍බෞද්ධයින් පමණක් නොව හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් පූජක පක්ෂයේ අයත් සහභාගි වී සිටීමෙන් රටේ සංහිඳියාව ඇති වී තිබෙන බව පෙනෙනවා.” 

 

Comments