මහින්දානන්දට අධි චෝදනා | Page 3 | සිළුමිණ

මහින්දානන්දට අධි චෝදනා

නීති වි‍රෝධී ලෙස වත්කම් ඉපැයීමේ චෝදනාව යටතේ කොළඹ මහාධිකරණය හමුවේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කැර ඇති බවට රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ පැවසීය.

නීතිපතිවරයා උධෘත CRI /AML / CSIS /16 යටතේ නීතිපති ගොනුවට අදාළ අධිචෝදනා සකස් කැර කොළඹ මහාධිකරණය වෙත 2017/3/14 ඉදිරිපත් කළ බවට නීතිපතිවරයා ලිපියකින් දැනුම් දුන් බවට රහස් පොලිසිය වැඩිදුරටත් පැවසීය.

නොතිසි ලද විටෙක මහාධිකරණයේ පෙනී සිටින ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ම‍හේස්ත්‍රාත්වරයා අවවාද කරමින් පෙර ඇප මත මුදා හැරිණ.

දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා 2015/2/20 රහස් පොලිසියට කරන ලද පැමිණිල්ල මත මෙහි විමර්ශන සිදුකොට තිබිණි. 

Comments