අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය 24ක් | Page 3 | සිළුමිණ

අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය 24ක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් මඟී ජනයාගේ ගමන් පහසුව පිණිස විශේෂ දුම්රිය සේවා 24ක් ක්‍රියාත්මක කර ඇතැයි දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා පවසයි. දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී. ආරියරත්න මහතාගේ උපදෙස් පරිදි මේ දුම්රිය සේවා ක්‍රියාත්මක කරනු ලබන බවද ඔහු පවසයි.

මේ අනුව කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල දක්වා (පෙ.ව. 11.30ට) අප්‍රේල් 7,9,12,16 දිනවල විශේෂ දුම්රියක් ධාවනය වන අතර අප්‍රේල් 8,10,13,17 දිනවල බණ්ඩාරවෙල සිට (පෙ.ව. 8.30ට) කොළඹ කොටුව බලා දුම්රිය ධාවනය කෙරේ.

අප්‍රේල් 12 දින රාත්‍රී 10.00ට කොළඹ සිට යාපනය දක්වාත් 17 දින යාපනයේ සිට රාත්‍රී 8.00ට කොළඹ කොටුව දක්වාත් අප්‍රේල් 7 සිට 12 දක්වා ‍පස්වරු 1.05ට කොළඹ කොටුව සිට මහව දක්වාත් එම දිනවල පස්වරු 5.10ට මහව සිට කොළඹ කොටුව දක්වාත් අප්‍රේල් 11,12,13,17 දිනවල කොළඹ සිට ගාල්ල දක්වා පෙරවරු 9.20ට හා 11.20ටත් ගාල්ල සිට කොළඹට පස්වරු 1.00ට හා පස්වරු 5.45ටත් දුම්රිය ධාවනය කෙරේ. මාතර විශේෂ දුම්රියක් පස්වරු 3.10ට 11,12,15 සහ 16 දිනවල ධාවනය කෙරෙන අතර රාත්‍රී 7.00ට මාතර සිට කොළඹට දුම්රියයන් ධාවනය කෙරේ.

මීට අමතරම නගරාසන්න දුම්රිය සේවා රැසක් විශේෂ දුම්රිය ලෙස ධාවනයට එක්කර ඇත. 

Comments