
9, 18, 27 දිනවල උපදින අය පෞද්ගලික අංක 9 හි බලය සහිතව උපදින අතර මෙම අංකයට අධිපති වන්නේ කුජ ග්‍රහයා ය. කුජ ග්‍රහ ලොව සෙන්පති යනුවෙන් හඳුන්වන අතර ස්වභාවයෙන් ම සටන්කාමී බවක් මෙම දිනවල උපදින අයට පිහිටනු ඇත. යුක්තිගරුක ස්වභාවය මෙන්ම තමාගේ සුඛවිහරණය පිළිබඳ මොවුන් ප්‍රබල ලෙස සිතනු ඇත. යම් ආත්මාර්ථකාමී ස්වභාවයක් ද පිහිටයි.
නිරෝගී ව්යායාමශීලී ජීවන රටාවක් ගත කරන මොවුන් සටන් කලාවන්ට ප්‍රිය වෙති. ඒවා ප්‍රගුණ කරති. හමුදා සේවය පොලිස් සේවය ආදී ආරක්ෂක සේවාවලට ප්‍රිය වෙති. කාර්මික ක්ෂේත්රවලට වැඩි උනන්දුවක් දක්වති. මෙවැනි දේවල වෘතිය වශයෙන් යෙදීම මේ අයට සුබ ය. හතරැුස් අත්ල, කොට ඇගිලි, ශරීරයේ සහ මුහුණේ හතරැුස් හැඩය ආදී ලක්ෂණ ඇත්නම් මෙම ගුණයක් තව තවත් මතුවී පෙනෙනු ඇත.
සටන් ජවනිකා සහිත චිත්‍රපටවලට වීඩියෝ දර්ශනවලට ඇති ප්‍රියතාවය ඉහල අතර රණකාමී ගීත සටන්වල තේමා ගීත ආදියට ප්‍රිය කරයි. ප්‍රායෝගික ස්වභාවය ඉතා ඉහලය. එනිසා වෙහෙස මහන්සි වී කටයුතුකර දියුණුවීමේ හැකියාව සහිත ය. ගුප්ත විද්‍යාවන්ට යොමුවීම අඩු ය. ශාස්ත්‍රීය භාවයක් ද දැකිය නොහැක.
විවාහය පිළිඳව සලකා බලන කළ අලංකාරත්වය සොයා යන ස්වභාවයක් ඇත. බොහෝවිට 6, 15, 24 දිනවල උපන් අය පසුපස යන ගතියක් ඇත. එම දිනවල උපන් අය විවාහය සඳහා වරදක් ද නැත. 3, 9, 12, 18, 21, 27, 30 දිනවල උපන් අය ද විවාහය සඳහා සුදුසු ය. ළගම හිත මිතුරන් ද එම අංකවලින් ලැබෙනු ඇත. 4, 8, 13, 17, 22, 26, 31 දිනවල උපන් අය සමඟ විවාහවීම කිසිසේත් සුදුසු නොවේ. එසේ සිදු කිරීමෙන් විවාහය නීරසවී පැවතීම හෝ විවාහය කැඞීයාම අනිවාර්යයෙන් සිදුවේ.
ඔබ නව කටයුතු ආරම්භ කිරීමේ දී 9, 18, 27 යන දිනයන් තෝරා ගැනීම ඉතා සුදුසු ය. නමුත් මෙම දිනවල දී ම යම් තුවාලවීම් ආදිය සිදුවීමේ ප්රවනතාවයක් පවතින නිසා ඒ පිළිබඳ ද සැලකිලිමත් විය යුතු ය. ජීවිතයේ කවර හෝ කාලයක් තුළ හිස හෝ මුහුණ සම්බන්ධ තුවාලක් සිදුවනු ඇත.
මාර්තු 20 - අප්‍රියෙල් 21 සහ ඔක්තෝබර් 20 - නොවැම්බර් 21 කාලයේ දී කුජගේ බලය අධික වීම නිසා ඔබට මෙම කාලය විශේෂ වනු ඇත. මෙම කාලය තුළ ඉප දී ඇති අයට යම් තුවාල වීමකින් (විශේෂයෙන් හිසට* මරණයට පත්වීමේ අවදානමක් ද පවතින බව සිහිගැන්විය යුතුය.
9, 18, 27 දිනවල උපන් පුද්ගලයන් සඳහා රතු වර්ණය වඩා සුබදායක වර්ණය ලෙස දැක්විය හැකි අතර නිතර රතු පැහැති වර්ණය සහිත ලේන්සුවක් තමා ළග තබා ගැනීම සුදුසු ය.
ඔබට වඩාත් සුදුසු පාෂාණ වන්නේ රූබි සහ රතු කොරල් ය.