නාවික හමුදාව කරදිය - මිරිදිය කරයි | සිළුමිණ

නාවික හමුදාව කරදිය - මිරිදිය කරයි

හදිසි ආපදා තත්ත්වයකදී මුහුදු ජලය පිරිපහදු කර ජනතාවට ලබා දීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි නාවික හමුදාව පවසයි. ශාන්තිකර සහයෝගීතාව (PACIFIC PARTNERSHIP) වැඩසටහනට සමගාමීව මේ කටයුතු සඳහා නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයන් 30 දෙනෙකු පමණ පුහුණු කිරීම පසුගියදා හම්බන්තොටදී සිදු කෙරිණි.

ඇමරිකානු නාවික හමුදාවේ ෆෝල් රිවර් (EPF- Expeditionary Fast Transport Ship) නෞකාවට අනුයුක්ත නාවික පුද්ගලයන් විසින් හම්බන්තොට වරාය පරිශ්‍රයේදී මුහුදු ජලය පිරිපහදු කිරීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ පුහුණු ක්‍රියාකාරකම් ද ලබා දී ඇත.

විශේෂයෙන්ම සුනාමි වැනි ව්‍යසන අවස්ථාවකදී හා වෙනත් හදිසි අවස්ථාවලදී කරදිය මිරිදිය බවට පත් කිරීම අත්‍යවශ්‍ය බවට හඳුනා ගෙන තිබිණි. නාවික හමුදාවේ නව පර්යේෂණ අංශය මඟින් මේ වන විටත් වකුගඩු රෝගීන්ට පිළියමක් ලෙස උතුරු මැද හා දකුණේ ප්‍රදේශ කිහිපයකම ප්‍රති ආස්‍රැත ජල පෙරන යන්ත්‍ර ලබා දීමට කටයුතු කර ඇත. 

Comments