![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/03/17/chandrika.jpg?itok=FsLoomo1)
අසත්‍ය හා ද්වේෂ සහගත ප්‍රකාශ කරමින් සිය කීර්ති නාමයට හානි කළේ යැයි ද ඊට වන්දි ලෙස රුපියල් මිලියන 250 වන්දියක් ගෙවන ලෙස ද ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එන්තරවාසි යවා ඇත.
එම වන්දි මුදල නොගෙවන්නේ නම් නඩු පවරන බව ද එම එන්තරවාසියේ සඳහන් කර ඇත
කුමාරතුංග මහත්මිය අත්තනගල්ලේ දී කළ ප්‍රකාශයක් අසත්‍ය හා ද්වේශ සහගත සිය කීර්ති නාමයට හානි කර යැයි ද එම ප්‍රකාශයෙන් සිදු වු හානියට මේ වන්දිය ගෙවන ලෙස ද ඉල්ලා ඇත.
රාජපක්ෂ මහතාට විදෙස් රටක වත්කම් ඇති බවට අසත්‍ය කරුණු ජනතාව හමුවේ ප්‍රකාශ කිරීමට එරෙහිව මේ එන්තරවාසිය යවා ඇත.