කොළඹ විරෝධතාවලට වැට | සිළුමිණ

කොළඹ විරෝධතාවලට වැට

 කොළඹ නගරයේ පැවැත්වෙන විවිධ වූ විරෝධතා හේතුවෙන් එදිනෙදා ජන ජීවිතයට දැඩි ලෙස එල්ල වන බාධා වළක්වාලීම සඳහා නව නීති ගෙන ඒමට රජයේ අවධානය යොමුවී තිබේ.

මේ අනුව කොළඹ නගර‍යේ විරෝධතා සතියකට එකක් පමණක් වන ආකාරයට නීතී සම්පාදනය කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී එදිනෙදා ජන ජිවිතවලට කොළඹ පැවැත්වෙන විරෝධතාවලින් බාධා පැමිණීම සම්බන්ධයෙන් උපරිම පියවර ගන්නා ලෙස කර ඇති ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට තීරණය කොට ඇත.

Comments